6:39 AM
A+ A-

This Jet-Powered Go-Kart Is Basically Mario Kart IRL


ගෝ කාට් එකකට ජෙට් එන්ජිමක් හයිකරලා බලමු ද ?
ඕගොල්ලොන්ට මතක ඇතිනේ පුංචි කාලේ Mario කියල ගේම් එකක් ගැහුවා. ඒකෙදිත් ඕගොල්ලොන්ට මේවගේම වාහනයක් හම්බුවෙලා ඇති.

අමුතු අමුතු නිර්මාණ කරන නිර්මාණ ශිල්පියකු වන කොලින් ෆර්ස් තමන්ගේ නවතම සොයාගැනීම ලෙස මෙය ඉදිරිපත් කරනවා. මෙයා මේ වනවිටත් වුල්වරීන්ගේ වගේ නියපොතු හදලා, චුම්බක සපත්තු හදලා වගේම ලෝකයේ වේගවත්ම ළමා කරත්ත නිර්මාණය කරලා ජනප්‍රියත්වයට පත් වුනු පුද්ගලයෙක්. පහත වීඩියෝ පටයෙන් ඕගොල්ලොන්ට බලාගන්න පුළුවන් එයා මේ නිර්මාණය කලේ කොහොම ද කියලා.

Colin Furze
මේක හදපු කෙනා කියන්නේ මේක පිස්සු හැදෙන කාට් එකක් කියලා. මේක ඩීසල් වලින් වගේම ගෑස් වලිනුත් වැඩ කරනවා, ඒවගේම තමයි පැයට හැතැප්ම 60ක උපරිම වේගයකින් ගමන් කරන්නත් පුළුවන්. Furze පවසන අන්දමට මෙහි උපරිම වේගය මිට වඩා වැඩි වන්නට පුළුවන් වුනත් ඔහු මේ සඳහා යොදාගත් ගුවන් පථයේ මුළු දුර ප්‍රමාණවත් නොවීම නිසා මේ පිළිබඳව නිශ්චිතවම පැවසිය නොහැකි බව කියා සිටියා !
ජෙට් එන්ජිමක් භාවිතයෙන් මොහු මිට කලින් අවස්ථාවක බයිසිකලයක් ද නිර්මාණය කර තිබෙනවා.
බලන්නකෝ මෙයාගේ වැඩ කොහොමද කියල. මොනවා වුනත් ඉස්සරහටත් මේවගේ නිර්මාණ කරන්න තමන්ගේ ඔලුව බේරගන්න ඕනේ හින්දා මේ වගේ අත්හදා බැලීම් කරද්දී හෙල්මට් එකක් පාවිච්චි කරන්න කියල Furze ට මතක් කරන්න කැමති යි.