10:00 PM
A+ A-

විද්‍යාඥයන් සාගර පතුලෙන් නව ජීවින් සොයාගනී.

සුගිය වසර 4ක කාලය තුල විද්‍යාඥයන් සාගර පතුලේ අධ්‍යන කටයුතු වල යෙදෙමින් ලෝකයේ විවිධ ප්‍රදේශ වල පිහිටි සාගර වලින් කුඩා ජීවින් රැස්කිරීමේ කටයුතු වල යෙදී සිටියා. මේ ගවේෂණයේදී විශාල ප්ලැන්ක්ටන් ප්‍රමාණයක් හඳුනාගැනීමට අදහස් කෙරුනා.සාම්පල 35,000ක් පමණ ලබාගැනුණු අතර එම ජීවින්ගේ සම්බන්ධතා සහ පරිසරය ඔවුන් මත ඇති කරන බලපෑම් පිළිබඳව එහිදී සැලකිල්ලට ගැනුණා. මෙහිදී උෂ්ණත්වය සහ මුහුදු ජලයේ ආම්ලිකතාව මගින් ඇති කරන බලපෑම් සැලකිල්ලට ගැනුනා.
සාගර විද්‍යාව ආශ්‍රිතව සිදුකෙරුණු විශාලතම ජාන එක්රැස්කිරිම මෙය වන අතර මෙමගින් විවිධ ජාන මිලියන 40ක් පමණ සොයාගැනීමට හැකි වූ අතර ඉන් බොහොමයක් නව සොයාගැනීම් වන බව පර්යේෂණයට දායක වූ Patrick Wincker මහතා පවසා සිටියා.
මේ ගවේෂණයේදී සිදු කල අධ්‍යනයන් තුලින් සාගර ආහාර නිෂ්පාදනයේ මුලාරම්භය ලෙස සැලකෙන ප්ලැන්ක්ටන් ගෝලීය උණුසුමට පෙර සිතුවාටත් වඩා සංවේදී බව මෙහිදී සොයා ගැනුනා.
එහිදී හමු වූ ජලයෙහි පාවෙන ශාක විත සහ සත්ව විත (zooplanktonic animals), Diatom , කොරල් , මොලුස්කාවන්ගේ ඡායාරූප පෙළක් පහත දැක්වේ.