6:54 AM
A+ A-

Ready to Watch Daredevils Scale the World’s 2nd Tallest Building?

නගිනවා කියල මෙහෙමත් නගිනව ද ?
පිස්සු වැඩ එහෙම නැත්තන් ත්‍රාසජනක වැඩ කරන්න ආස ගතියක් අපි හැමෝ තුලම තියනවා. Vitaly Raskolov සහ Wadim Makhorov චීනයේ ශේන්සෙන්
Vitaliy Raskalov, 21 and Vadim Makhorov, 25, used a selfie stick to capture their climb on the unfinished Ping An International Financial Centre in Shenzhen, China.
ප්‍රදේශයේ තියන Ping An මුල්‍ය ශාඛා ගොඩනැගිල්ලේ මුදුනටම නගින්න තීරණය කළා. උඩට නැග්ගම තියන දර්ශන තලය ගැන කියන්න වචන නෑ. මාරම සිරා view එකක් තියෙන්නේ.
මේ දවස්වල කවුරුත් Selfie ගන්න වැඩේ අත ඇරලා නෑ නේ. අමුතු අමුතු selfie ගහන්න අපි වෙලාවකට එක එක තැන් වලට යනවා. ඒත් මේ දෙන්නා ඒකට තෝරාගත්තේ අමුතුම තැනක්. ඒගොල්ලෝ ගොඩක් දුර ගිහින් ලෝකයේ දෙවෙනියට උසම කුළුණට ගොදවෙන්නයි සුදානම. අඩි 2,165ක් උස මේ කුළුණ ඒගොල්ලෝ නගින්නේ GoPro කැමරාවක් විතරක් තියාගෙන.
කලුවරේම මේගොල්ලෝ ගොඩනැගිල්ලේ 115වන මහලට ගොඩවෙනවා. උදේ වෙනකන් රැය පහන් කරාට පස්සේ එලිය වැටුනට පස්සේ මේගොල්ලෝ ගොඩනැගිල්ලේ රහස් අංකය සොයාගෙන ඒක ඇතුලත් කරලා අගුලු අරගෙන ගොඩනැගිල්ලේ වහලයටම ගියා. ඊට පස්සේ තමයි අමාරුම හරියට මුහුණ දෙන්නේ සිද්ධවුණේ. දොම්බකරය දිගේ නගින්න පටන් ගන්නේ මෙතන ඉඳන්. මොවුන් දෙදෙනා මේ විදියට උස තැනකට නැගපු පළමුවෙනි අවස්තාව මෙය නොවේ. ගීසා හි යෝධ පිරමිඩය , ශැන්ග්හායි කුලුන වගේම ජර්මනියේ Cologne Cathedral එකටත් මේගොල්ලෝ නැගල තියනවා. බලන්නකෝ මේගොල්ලෝ කරපු වැඩේ අපුරුව.