LG සමාගම පසුගිය සතියේ කොරියාවේ පැවතී තම උත්සවයකදී මේ සුපිරි OLED තිරය එළිදැක්වූවා. මෙහි ඝනකම මිලිමීටර 0.97ක් වන අතර අඟල් 55ක මෙම පැනලය සමාගම විසින් දැනට නිපදවා ඇති සිහින්ම පැනලය ලෙස සැලකෙනවා. මේ තිරය කිලෝග්‍රෑම් 1.9ක් බර වන අතර විද්‍යුත් චුම්බක පලසක් මගින් බිත්තිය මත රඳවා ගැනෙනවා. ඔබට මේ තිරය වෙනත් ස්ථානයක් කරා ගෙනයාමට අවශ්‍ය වුවහොත් කිරීමට ඇත්තේ සුළුදෙයක් පමණයි. ඔබේ ශීතකරණයේ දොරේ සවිකර ඇති කාන්දමක් ගලවන ආකාරයෙන් මෙය ද ගලවා අවශ්‍ය ස්ථානයේ සවිකරගැනිමයි.


LG සමාගම OLED (organic light emitting diodes) තාක්ෂනය පසුපස මෙතරම් හඹායන්නේ එමගින් සම්ප්‍රදායික LED (liquid crystal display) තිර වලට වඩා සැහැල්ලු මෙන්ම සිහින් පැනල නිර්මාණ කිරීමේ හැකියාව පවතින බැවිනි. තවද මෙම තාක්ෂනය තුලින් පැතලි තිර මෙන්ම වක්‍ර තිර ද නිෂ්පාදන කිරීම පහසු කරයි. කෙසේ වෙතත් මේ පැතලි තිරය මෑතක දී වෙළඳපොළට නිකුත් වේ යැයි අපේක්ෂා කිරීමට අපහසු අතරම මෙවැනි තාක්ෂණයක් මිලෙන් අධික වීම අනෙක් ගැටලුවයි. කෙසේ නමුත් මේ නිෂ්පාදන තුලින් අපට පැහැදිලි වන කාරණයක් වන්නේ අනාගතයේ දී මෙවැනි තිර සහිත රූපවාහිනී වෙළඳපොළට නිකුත් වීමට බොහෝ ඉඩ ඇති බවයි.
Post a Comment