12:52 AM
A+ A-

පුටු උඩ මියයන ජීවිත(මේ ඉස්තනයේ ඔබත් සිටිය යුතු නැත )

ඔබ ඔබට ම ලොකු උපකාරයක් කිරීමට කැමති ද රෑ එසේ කැමතිනම් වහාම ඔබ හිඳ සිටින පුටුවෙන් නැගිටින්න. දැන් යලිත් මේ පරිගණක තිරය දෙස බලන්න. මෙය නුසුදුසු දෙයක් ලෙස හෝ අපූර්ව දෙයක් ලෙස ඔබට දැනේවි. එහෙත් මෙය ඔබගේ මනා සෞඛ්‍යට මහඟු පිටිවහලක් වේවි. එමෙන් ම ඔබේ ආයුකාලය ද වැඩිකැර ගත හැකිවන බව ස්ථිරයි.

ඔබ දවසේ වැඩි කාලයක් සැප පහසුව වාඩි වී සිටින්නේ ද රෑ එයින් හැඟෙන්නේ ඔබ ඔබේ සෞඛ්‍යයට ඉතා හානිදායක දෙයක් කරමින් සිටින බවයි.

මේ සම්බන්ධයෙන් පර්යේෂණ ක බ්‍රිතාන්‍යයේ විද්‍යාඥයන් පවසන්නේ දුම්පානය කරනවාට වඩා වාඩිවී සිටිම භායානක බවයි. ආහාර ගැනීමෙන් පසු වාඩිවී සිටින්නන්ගේ රුධිරගත සීනි ප්‍රමාණය වේගයෙන් ඉහ යනබවත් විනාඩි 15ක් ඇවිදීමේ යෙදීමෙන් රුධිරගත සීනි ප්‍රමාණය වේගයෙන් පහ බසින බව ද පර්යේෂකයන් විසින් සොයාගෙන ඇත.

දිගු වේලාවක් වාඩිවී සිටිමෙන් රුධිරයේ හානිදායක කොලෙස්ටරෝල් ප්‍රමාණය ද ඉහ යයි. තවත් පර්යේෂණයක් මගින් සොයාගෙන ඇත්තේ හදවත් රෝග\ ඔස්ටියෝපොරෝසිස්\ පියයුරු පිිකා\ කොන්දේ වේදනාව  සහ මානසික ආතතියට ද දිගු වේලාවක් පුටුවක වාඩිවී සිටීම හානිකර බවයි. පුටුවේ වාඩිවී සිටින පැයක කාලයක් හේතුවෙන් ජීවිත කාලයෙන් පැය දෙකක් අඩුවන බව ද පර්යේෂකයෝ සිය වාර්තාවේ දක්වා ඇත.

සාමාන්‍යෙයන් පුද්ගලයකු පැය 13ක් වාඩිවී සිටියි. පැය අටක් නිදා ගනියි. එහා මෙහා ගමන් කිරීමට යොදා ගන්නේ පැය තුනක් වැනි කාලයකි. මිනිස් සිරුර හැඩ ගැනී ඇත්තේ එවැනි දේ සඳහා නොවේ. වසර දහස් ගණක් දඩයම් කරමින් අතිශය ක්‍රියාශීලී දිවියක් ගත කැර ඇත. ඒ කාලයේ දී වාඩිවී සිටියේ සුළු විවේකයක් ගත කිරීමට පමණි.  එසේ වුව ද පසුගිය වසර 200 ක පමණ කාලයේ සිටි මේ තත්ත්වය වෙනස් වෙමින් පවතී. දැන් ඇඬෙන් කාරයටත්\ කාරයෙන් කාර්යාල පුටුවටත් මාරු වෙමින් වැඩි කාලයක් එකතැන ම දවස ගත කරයි. 
article-2706317-065720720000044D-179_634x421
article-2706317-00209FE6000004B0-835_634x459
article-2706317-1FFB898600000578-68_3061212132x445