6:49 AM
A+ A-

ඔබේ පෙම්වතා ට කිසිදා නොපැවසිය යුතු දේවල් 6ක්

දෙන්නෙක් ආදරෙන් බැදෙනවා කියන්නේ ගොඩක් සුන්දර දෙයක්.ඉතින් ගොඩක් ආදරවන්තයන් කරන්නේ ආදර සම්බන්ධතාවය පටන් ගත්තු ගමන්ම තමුන්ගේ හැමදෙයක්ම දෙන්නා එක්ක කතා කරන්න පටන් ගන්නවා.මේ වගේ වෙලාවල් වලදී පෙම්වතුන් හැගීම් වලට වහල් වෙලා කියන්න ඕනේ එකයි නැති එකයි හැම එකම කියවන්න පටන් ගන්නවා.හොදට මතක තියා ගන්න ඔයා දෙන්නගේ එක් වීම එක්තරා ආත්මීය බැදීමක් පමණක් බව.මනසින් එකට බැදිලා හිටියට ඔයාලා ට තියෙන්නේ ශරීර දෙකක්.මේ ලිපියෙන් කියන්න යන දේ ගොඩක්  වැදගත් වෙන්නේ පෙම්වතියන්ට.boyfriend ට කවමදාකවත් නොපැවසිය යුතු දේවල් 6ක් ගැන තමයි කියන්න යන්නේ.

කවදාවත් ඔයාගේ ex - boyfriend ගැන කියවන්න යන්න එපා

පෙම්වතියක් විදියට ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ කාරණාවක් මේක.කවදාවත් ඔයාගේ boyfriend ව ඔයාගේ කලින් boyfriend එක්ක සංසන්දනය කරලා එයත් එක්ක කතා කරන්න එපා.ඔයාගේ boyfriend ට අවශ්‍ය එයා ගැන පමණක් කථා කිරීම පමණයි.ඔබගේ කලින් boyfriend ලා ආස දේවල්  ගැන කිසිම දෙයක් වැරදිලාවත් කියන්න එපා.එහෙම උනොත් එක ඔයා විසින්ම ඔයාගේ ප්‍රතිරූපයට කර ගන්න ලොකු හානියක් වේවි.

ඔයාගේ facebook password එක boyfriend ට දෙන්න එපා 
මේක අපේ පෙම්වතියෝ ගොඩක් වැරැද්ද ගන්න තැනක්.affair එකක් පටන් ගත්තා කියලා ඔයාගේ හැමදේම boyfriend ට කියන්න යන්න ඕනේ නෑ.එහෙම උනාම වෙන්නේ නැති ප්‍රශ්න ඇති වෙන එක.facebook කියන්නේ තනි පිස්සුවක්.ඉස්සර කාලේ කොල්ලෙක් ට කෙල්ලෙක් talk කරන්න නම්  town එකට හරි , පෝය දවසට පන්සල් හරි බහින්නම වෙනවා.එත් අද නවීන තාක්ෂණයේ දියුණුවත් එක්ක කෙල්ලෙක් ට Hi කියලා talk කරන්න නම් කරන්න ඕනේ keyboard එකේ අකුරු දෙකක් ගහන්න විතරයි.ඉතින් ඔයාගේ facebook එකට boyfriend නිතර නිතර රිංගන්න ගත්තොත් ඔයාගේ privacy එක නැති වෙනවා.අනිත් එක හැම ආදර සම්බන්ධතාවයක් ම විවාහයෙන් කෙලවර වෙන්නේ නැනේ.හදිසිස්යේ ඔයාලා brakeup උනොත් ඔයාගේ FB profile එකට බුදු සරණයි.ඔයාට අබ සරණයි.

ඔබගේ පැරණි ආදර සම්බන්ධතා වල අතිශය රහසිගත සිදුවීම්ගැන කියන්න යන්න එපා 
ඔබගේ අතීතයෙන් boyfriend කෙනෙකුට වැඩක් නෑ.මොකද කොල්ලෙක් කෙල්ලෙක් එක්ක යාලු වෙනකොට වටින් ගොඩින් හොයලා තමයි යාලු වෙන්නේ.කොහොම උනත් කවදාවත් ඔයාගේ පැරණි ආදර සබදතා වලදී  සිද්ද උනු අතිශයෙන් රහසිගත සිදුවීම් ගැන කවමදාකවත් boyfriend ට කියන්න යන්න එපා.
Boyfriend ගේ යහළුවන් ගැන වර්ණනා කරන්න යන්න එපා 
මේ වැඩේ නම් කරන්න ම එපා.boyfriend ගේ හොද යාලුවෝ ගැන ඕනවට වැඩිය වර්ණනා කරන්න යන්න එපා.එහෙම උනොත් ඔයාගේ boyfriend ට අනාරක්ෂිත භවක් දැනෙන්න පුළුවන්.ඒක නිසා "ඔයාගේ අර යාළුවා නම් හරිම ලස්සනයි" වගේ වාක්‍ය boyfriend එක්ක දාන්න යන්න එපා.


Boyfriendගේ අම්මා ගැන නරක දේවල් කතා කරන්න එපා
කවදාවත් boy friend එක්ක එයාගේ අම්මා ට බනින්න එපා.කොල්ලෝ කොහොමත් අම්මා ලට ගොඩක් ආදරෙයි.ඒ ගොල්ලෝ කැමති නෑ තමුන්ට මොන තරම් සමීප පුද්ගලයෙක් උනත් එයාලගේ අම්මලට බනිනවට.තව දෙයක් තමයි අම්මලට ගොඩක් ආදරේ කොල්ලෝ එයාලාගේ නෝනා වත් ගොඩක් හොදින් රැක බලා ගන්නවා.එක නිසා "ඔයාගේ අම්මාට නම් මන් කැමති නෑ " කියන වාක්‍ය කවදාවත් boyfriend ගේ මුනට කියන්න එපා

තම යහළුවන්ගේ ආදර සබදතා වල අඩුපාඩු boyfriend ට කියන්න යන්න එපා 
ඔයාගේ හොදම යෙහෙලියක් එයාගේ පෙම්වතාට වංචාවක් කරනවා කියලා හිතන්නකෝ.ඔයා එක ඔයාගේ boy friend එක්ක කවදාවත් කියන්න යන්න එපා.එක අනවශ්‍ය දෙයක්.කොල්ලෝ ගොඩක් open.බැරි වෙලාවත් ඔයා කියපු රහස එයාට රකින්න බැරි උනොත් ඔයාට හොද යාලුවෙක් නැති වේවි.ඒ නිසා කේලම් එහෙම boyfriend ට  කියන කොට ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ