පෘථිවියට වෙනත් ග්‍රහ ලෝකයකින් පැමිණෙන්නන්ට සිතෙනු ඇත්තේ මෙහි ජීවීන්ට කිසියම් කනේ ආබාධයක් ඇති බවයි. ඒ සැමවිටම පෘථිවි වාසීන් නැත්නම් මිනිසා නිරන්තරයෙන්ම කන මත යමක් තබාගෙන යන නිසයි. ඒ අන් කිසිවක් නොව ජංගම දුරකථනයයි. මිනිසාට අන් කවරකටත් වඩා නැතිව බැරි මෙවලම බවට පත් වී ඇත්තේ මෙයයි. කෙතරම් අහිතකර මතවාද පැවතුණත් මිනිසුන් ජීවිතයේ අන් සියල්ලටම වඩා ළංවී සිටින්නේ දුරකථනයටයි. නවතම සොයා ගැනීම්වලට අනුව මිනිත්තු දාහතක කාලයක් දිනකට ජංගම දුරකථනය භාවිතා කළත් පිළිකා සෑදීමේ අවදානම ඉහළ යන බව හෙළි වී තිබේ.
රන්තරයෙන්ම භාවිතා කරන්නන්ට සෛලවලට හානි වී වැඩි අවදානමක් ඇති වීමේ ඉඩකඩක් පවතී.
ඊශ්‍රාලයේ ටෙල් අවීව් සරසවියේ විද්‍යාඥයන් මිනිසුන්ගේ ඛේඨයේ සංයුතිය පිරික්සීමෙන් මේ බව අනාවරණය කරගෙන තිබේ. ඔවුන් පරීක්ෂණයට සහභාගි කරගෙන ඇත්තේ මාසයකට පැය අටක්වත් දුරකථනය භාවිතා කරන්නන්ය. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් මාසයකට පැය 30ක් 40 ක් පමණවත් දුරකථන සංවාදයේ යෙදෙන අයයි.
සහභාගී වූවන්ගේ ඛේඨයේ සංයුතිය බිහිරි පුද්ගලයන්ගේ ඛේඨය \ දුරකථන භාවිතා නොකරන්නන්ගේ ඛේඨය හා එස්එම්එස් යැවීම වැනි නිර්වාචික ලෙස ක්‍රියාකාරී අයගේ ඛේඨය සමඟ සසඳා තිබේ. පරීක්ෂණයෙන් පැහැදිලිවම සනාථ වී තිඛෙන්නේ භාවිත කරන්නන්ගේ සෛලවලට සිදුවන හානිය වැඩි බවයි. ර්‍ණඔක්සිඩේටිව් ස්ට්‍රසේ” ලෙස මෙය හඳුන්වයි. මෙහිදී ඩීඑන්ඒ වලට වාගේම ප්‍රෝටීන\ ලිපිඩ\ සෛලවලට ද හානි සිදුවෙයි.
ර්‍ණඔක්සිඩේටිව් ස්ට්‍රසේ” මට්ටම වැඩි වූ විට පිිකා\ පාකින්සන්ස්\ ඇල්ෂයිමර්\ හෘද අකර්මන්‍යතාව\ ඔටිසම්\ දිගින් දිගටම වෙහෙස දැනීම වැනි රෝගාබාධ රැසක්ම ඇති වේ. ජංගම දුරකථන සීමාව ඉක්මවා භාවිතා කිරීමෙන් ගෙඩි වර්ධනය වීමේ ඉඩක් ද පවතී.
අනාගතයේදී දුරකථනය භාවිත කිරීමට පෙර සහ පසු ඛේඨය පිරික්සීමට ද පර්යේෂකයන් බලාපොරොත්තු වෙයි. ලෝක ජනගහනයටත් අධික පිරිසක් ජංගම දුරකථනය භාවිත කරන බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. දුරකථනයේ විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයෙන් මේ හානිය සිදුවෙයි.
එස්එම්එස් යැවීමේදී\ ඉන්ටර්නෙට් දුරකථනයෙන් බැලීමේදී හෝ හෑන්ඩ් ෆී‍්‍ර භාවිතා කිරීමේදී දුරකථනය තිඛෙන්නේ සෙ.මි. 30 -40 ක් දුරින් නිසා සිදුවන හානිය අඩුය. හෑන්ඩ් ෆී‍්‍ර භාවිත නොකරන්නේ නම් හිසට\ සිරුරට තරමක් ඈතින් දුරකථනය තබාගෙන ඇමතුම් ලබාගන්න. ඒ වාගේම කථා කරන කාලය හැකි තරම් කෙටිකර ගන්න.
රෝහල්වල සහ ගුවන් යානාවල දුරකථන භාවිතය සැබෑවටම සුදුසු නැත. දුරකථනයේ විකිරණවලින් විද්‍යුත් වෛද්‍ය උපකරණවලට මෙන්ම යානයක යාන්ත්‍රික පද්ධතියටත් බලපෑම් සිදුවිය හැකි වීම ඊට හේතුවයි.
කෙටිකාලීන ආබාධ
දිගුවේලාවක් දුරකථනයෙන් ඇමතීමේදී පටක රත්වෙයි. දුරකථනයේ කිරණ සම මඟින් උරාගන්නා අතර එහි ප්‍රතිඵලය මොයේ හෝ දුරකථනය ආසන්නව ඇති ශරීර කොටස පමණට වඩා රත් වීමයි.
වාහනයේදී....
වාහනයක් වැනි ආවරණය වූ තැනකදී තෝරාගත යුත්තේ බාහිර ඇන්ටනාවක් සහිත ජංගම දුරකථනයකි.
අහිතකර ප්‍රතිඵල රැසයි
දුරකථනයෙන් පමණට වඩා කථා කිරීම සුදුසු වන්නේ විකිරණ නිසා පමණක් නොවෙයි. එය මානසික සෞඛ්‍යයට ද අහිතකරයි. සහරුන්ට දුරකථනය නිසා මුහුණට මුහුණ බලා කථා කිරීමට ද අමතක වි තිබේ. එසේ කථා කිරීමට ලැබුණ ද ඊට වඩා ඒ අයට වටින්නේ දුරකථනයෙන් කථා කිරිමයි. සිරුරේ ආතතිය ඉහ නැංවීමට ද දුරකථන භාවිතය මුල පුරයි. නිතර දුරකථනය නාද වීම\ ඇමතුමක් එන බවට සංඥා නිකුත් වීම\ මෙන්ම ඇමතුමක් බොහෝ වේලාවකින් නොලැබීම ද ආතති මට්ටම ඉහ නංවන හේතුයි. පර්යේෂණ මඟින් හෙි වී ඇත්තේ අධික ලෙස දුරකථනය භාවිත කිරිම කාන්තාවන්ගේ නින්දට බාධා වීමටත්\ පිරිමින්ට විෂාදය ඇති කිරීමටත් හේතුවන බවයි. නව යෞවන\ යෞවනියන්ගේ මානසික සෞඛ්‍යය අනවශ්‍ය ජංගම දුරකථන භාවිතය නිසා පිරිහී ඇත. ජංගම දුරකථනය සෝදා භාවිත ක හැකි උපකරණයක් නොවෙයි. ඒ නිසා නාන කාමරයේ ඇති විසබීජවලට වඩා දුරකථනයේ තිඛෙන විසබීජ ප්‍රමාණය වැඩිය.
දුරකථනයේ රැඳි ඊ කෝලි වැනි විසබීජ පුද්ගලයාගෙන් පුද්ගලයාට පහසුවෙන්ම පැතිරෙයි. පණිවුඩ යැවීම\ කථා කිරීම මේ ආදී කුමක් කත් එය දෑතට වෙහෙසකාරී අත්දැකීමකි. වේගයෙන් පණිවුඩ යැවීමේදී වේදනාවට අමතරව සන්ධි ප්‍රදාහයන් ද ඇතිවිය හැකියි. ඛෙල්ලේ හා කොන්දේ හැඩයට ද දුරකථනය අනිසි ලෙස භාවිතයෙන් තර්ජන එල්ල වෙයි.
වැරැදි ඉරියව් වලින් සිට දුරකථනය භාවිත කිරිමෙන්\ මෙසේ සිදුවෙයි. කොන්දේ වේදනාවේ රහස අන් කිසිවක් නොව ජංගම දුරකථනය විය හැකියි.පරිගණක තිරයකට වඩා ඛෙහෙවින් කුඩා ජංගම දුරකථන තිරයේ අකුරු කුඩා නිසා පණිවුඩ කියවීමේදී ඇසට වැඩි වෙහෙසක් දැනෙයි.
මෙය ඇස දුර්වල කරන හේතුවකි.
අන්තර්ජාලයෙනි
චම්පිකා දීපානි රණසිංහ
Post a Comment