තරුණයන් වැඩි අවදානයක් දක්වන්නේතරුණියන් වෙනුවෙනි.කොල්ලෙක්ට කෙල්ලෙක් /පෙම්වතියක් හෝ කීප දෙනෙක් සිටීම බොහෝ තරුණයන් තමන් පිලිබද අධි තක්සේරු කිරීමට තරම් සාධකයකි.නමුත් මේ ලිපියෙන් පසු එය එසේ නොවනු අනුමානය.
ඔබේ ජීවිතයට ගැහැණු ලමයෙක් පෙම්වතියක් ලෙස එක් වනවා කියන්නේ ම ඔබගේ නිදහස අහුරා ගැනීමක්.තරුණ
කාලයේ පිරිමියෙකු වශයෙන් මෙය මානසිකව අපහසුතාවයට පත් කරවන්නක්.සබදතාවක සිටින තරුණයන් ඇත්තටම හොද තිර රචකයන් මෙන්ම නලුවන්.මන්ද ඔවුන්ට නිතරම කතා ගෙතීමට රගපෑමට සිදු වන නිසා.
එමෙන්ම තරුණයන් ධනවත් හිගන්නන් බවට පත් කරන්නේද කෙල්ලන් විසිනි.තම පෙම්වතිය වෙනුවෙන් තෑගි ගැනීම,දිනපතා කතා කිරීමට සිය ගනන් ජංගම දුරකතන රීචාජ් කිරීම,ශොපින් කිරීමට සාප්පූ සංකීර්‍ණ පුරා යාම තරුණයන්ගේ පසුන්බි හිස් කරවන්නක්.
මීට අමතරව රෑ එලි වෙන තුරු සෝබන කතා ඇසීම,ිපි කිරීම, කාලය මුදල් සියල්ල විනාශ කරවයි.එපමණක් නොව යම් යම් අවස්තා වලදී සිය පෙම්වතියගේ අජූත මිතුරියන් පිනවීමටද ඔබට සිදුවන වාර අනන්තය.
පෙනුමෙන් සුරූපී තරුණියක දුටු විට ඇය දෙස බැලීම විහිලුවට හෝ ඉගි කිරීම තරුණයන්ගේ ස්වභාවය.නමුත් පෙම්වතියක් සිටියදි එසේ කිරීම අනතුරකට අත වැනීමක් බදුය.
තරුණයෙකුට තනිකඩව සිටීමේදී පෙනුම ගැන එතරම් වද විය යුතු නොවුනද පෙම්වතියක් සිටියදී තමන්ට රිසි විලාසිතාවක් කිරීමේ නිදහසද ඇහිරී යයි.ඇත්තටම තනිකඩයෙකු නම් නිදහසෙ මිතුරන් ඇසුරු කිරීමට ගමන් බිමන් යාමට කාලය,නිදහස,මුදල් සියල්ල ඉතිරි වේ.අම්මා හැර ඔවුන් වැලැක්වීමට වෙන අය නැත.නමුත් පෙම්වතියක් හෝ කීපයක් ඇති තරුණයෙකු නම් ඇත්තටම අසරණ සිරකරුවෙකුටම සමානය.
මේ කුමක් කීවත කෙල්ලෙක් සිටීමේද වාසි නැතුවාම නොවේ.එවා ගැන පසුවට කතා කරමු.
Post a Comment